What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (720p)

Vigilante (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x2

Episode 2

Vigilante Sinhala Sub
Vigilante Sinhala Subtitles
Vigilante (2023) Sinhala Sub
Vigilante (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තවත් අලුත් කතාවක් අරං ආවා ඔන්න ඔයාලට🎁🤗🔥…

Disney + ලගෙ The Worst of Evil උණුසුම කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම Moving, The Worst of Evil පවුලේ නවතම සාමාජිකයා තමයි Vigilante කියන්නෙ. කලින් කතා දෙක වගේම මේකත් අයිති වෙන්නෙ Action, Thriller, Crime වර්ගීකරණයන්ට. පැයකුත් විනාඩි පහක ධාවන කාලයක් හිමිවෙන Vigilante නොවැම්බර් 80 වෙනිදා සිටවිකාශය වීමට නියමිතයි. අනිත් ඩ්‍රාමා දෙක වගේම අනිවාර්යෙන්ම මේකත් සුපිරියක් වෙයි. Disney + ලගෙ Korean OTT Content Team එක Disney + Company එකෙන් ඉවත් වෙලා තියෙන නිසා Vigilante එකෙන් පස්සෙ Disney + ලගෙ එන Korean Content මේ වෙද්දි අවිනිශ්චිත වෙලා තියෙනවා කියලත් ආරංචියක් තියෙනවා. Start-Up, One Way Trip චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Choi Jeong Yeol ගේ අධ්‍යක්ෂණයක් වන මෙය වෙබ්ටූන් එකක් පාදක කරගෙන නිර්මාණය වුන කොටස් අටකින් සමන්විත කතාමාලාවක්.

විශේෂම කාරණාව Nam Joo Hyuk ගේ නොදුටු පැතිකඩක් අපිට මේ කතාමාලාවෙන් දැක බලාගැනීමට හැකිවේවි. Joo Hyuk රඟපාපු Who are you school, Weightlifting Fairy Kim Bok Joo, The bride of Habaek, The light in your eyes, The school nurse files, Start up, Twenty five Twenty one කියන කතාමාලා එක්ක බැලුවම Vigilante කියන්නෙ ඔහුගේ රංගන ජීවිතේ එක්තරා පෙරළියක් සිද්ධ වෙන කාරණයක් කියලත් පැහැදිලිව කියන්න නම් පුලුවන්.

Nam Joo Hyuk ට අමතරව පහත නළු නිළියන් ප්‍රධාන චරිත වලින් එකතුවෙන අතර ඔවුන් රංගනයෙන් දායක වුන නමගිය ටෙලිකතා චිත්‍රපට ඔයාලයත් හොඳට හුරුපුරුදුද බලන්නකෝ.

Yoo Ji Tae Money (Heist: Korea – Joint Economic Area – Part 1 /2, Mad Dog, Healer)

Kim So Jin (Through the Darkness, Emergency Declaration, Escape from Mogadishu)

Lee Joon Hyuk (City Hunter, The Spring Day of My Life, Are You Human Too?, A Poem a Day, Stranger, Dark Hole, 365: Repeat the Year)

කතාව පැත්තට හැරුණොත්….

කිම් ජි යොං පොඩි කාලෙදි එයාගෙ අම්මව මහමඟදී පහර දීලා මරලා දානවා. ඒත් අපරාධකාරයට ලැබෙන්නෙ අවුරුදු තුනහමාරක සිරදඬුවමක් විතරයි. හැඩි දැඩි තරුණයෙක් වුන කිම් ජි යොංට ඒ අපරාධකාරයා කිසිසේත්ම වෙනස් වී නොමැති බවක් වැටහෙනවා. ඉතින් ජි යොං ඔහුට දරුනු විදිහට පහර දෙනවා.

පස්සෙ කිම් ජි යොං සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිත දෙකක් ගත කරන්න පටන් ගන්නවා. සතියේ දවස්වල එයා පොලිස් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදිහටත් සති අන්තයේ දී ඔහු සැහැල්ලු දඬුවම් ලැබූ අපරාධකරුවන්ට දඬුවම් කරන දිගටම අපරාධ ක්‍රියාවන් සිදු කරන Vigilante නැමැති පුද්ගලයා බවටත් පත් වෙනවා.

ජි යොංට, චෝ කං ඔක්ගෙ උදව් ලැබෙනවා වගේම රහස් පරීක්ෂක චෝ හොන් Vigilante කියන පුද්ගලයා පසුපස හඹා යනවා.

ඉතින් එතනින් එහාට කතාව මොනවගේ වෙයිද කියලා අපි බලමුකෝ.

The Worst of Evil එකේ නම් පොඩි පොඩි අවුල් ගොඩක් තිබ්බා වගේම සෑහීමකට පත් වෙන්න පුලුවන් END එකක් තිබ්බෙ නම් නෑ. Vigilante සුපිරියක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැම බදාදාවකම අපි හමුවට එන මේ නවක සාමාජිකයාවත් අපි ආදරයෙන් වැළද ගමු.

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතා මාලාව බලන්න…

ස්තූතියි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Vigilante:- S1:E2
Nov. 08, 2023

(1) comment

  • Bunny 🐰2023-11-17Reply

    Thank u admin. Ikmanata okkoma episode danna plz…

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published