English - SinhalaSub https://sinhalasub.lk/genre/english/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 29 Mar 2024 00:16:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png English - SinhalaSub https://sinhalasub.lk/genre/english/ 32 32 6 Underground (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/6-underground-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/6-underground-2019-sinhala-subtitles/#respond Thu, 28 Mar 2024 23:30:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=642 After faking his death, a tech billionaire recruits a team of international operatives for a bold and bloody mission to take down a brutal dictator.

The post 6 Underground (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
After faking his death, a tech billionaire recruits a team of international operatives for a bold and bloody mission to take down a brutal dictator.

The post 6 Underground (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/6-underground-2019-sinhala-subtitles/feed/ 0
The Marsh King’s Daughter (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-marsh-kings-daughter-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-marsh-kings-daughter-2023-sinhala-subtitles/#respond Thu, 07 Dec 2023 16:11:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62037 The Marsh King’s Daughter Sinhala Sub The Marsh King’s Daughter Sinhala Subtitles The Marsh King’s Daughter (2023) Sinhala Sub The Marsh King’s Daughter (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම… අද මේ අරගෙන ආවේ, මේ අවුරුද්දේ රිලීස් උන “The Marsh King’s Daughter” කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක IMDb අගය 5.9 ක් […]

The post The Marsh King’s Daughter (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Marsh King’s Daughter Sinhala Sub
The Marsh King’s Daughter Sinhala Subtitles
The Marsh King’s Daughter (2023) Sinhala Sub
The Marsh King’s Daughter (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම… අද මේ අරගෙන ආවේ, මේ අවුරුද්දේ රිලීස් උන “The Marsh King’s Daughter” කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක IMDb අගය 5.9 ක් අරගෙන තියෙනවා. ත්‍රිලර් කියන කැටගරියට තමයි මේක අයිති වෙන්නේ.

මේ ෆිල්ම් එකේ මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ කැලේක ජීවත් වෙන එක පවුලක්..ඒ අම්මයි තාත්තයි දුවයි. තාත්තාගේ නම ජේකොබ්, එතකොට අපේ ප්‍රධාන චරිතේ වෙන මේ දුවගේ නම හෙලීනා. තාත්තා මේ දුවට දඩයම් කරන එක ගැන, ඒකට සම්බන්ද එක එක උපායවල් වගේ දේවල් උගන්නලා දුවව හොද දඩයක්කාරියක්, ඒ වගේම කැලේ ඇතුලේ ජීවිතේ බේරගෙන ඉන්න විදිහ ගැන උගන්නනවා. කොහොම උනත් මේ පවුලේ අම්මාගේ පොඩි වෙනසක් බලාගන්න පුළුවන්. මොකද එයා මේ ජීවිතේ ගත කරන්නේ වැඩි කැමැත්තකින් නෙමෙයි. ඒකට හේතුව මම මෙතනදි නොකියා ඉන්නම්. කොහොමහරි හදිස්සියෙම එයාට අවස්තාවක් ලැබෙනවා මෙතනින් ගැලවිලා යන්න. ඉතින් එයා යන්නේ තනියම නෙමෙයි, බලෙන්ම එයාගේ දුවවත් එක්කගෙන..

 

මෙයාලගේ පස්සෙන් පන්නගෙන එන ජේකොබ්ව පොලිස්සියෙන් අල්ලගන්නවා. අවුරුදු ගානක් යනවා. ටවුන් එකට ආපු හෙලීනා දැන් කසාද බැදලා ළමයෙකුත් ඉන්නවා. එයා පොඩි කාලේ අතීතය සමාජයෙන් හංගගෙන තමයි ඉන්නේ. මේ අතරේ තමයි හෙලීනා දැනගන්නේ තමන්ගේ තාත්තා හිරෙන් පැනගෙන කියලා. ඉතින් හෙලීනාගේ පවුල ගැන එයාට බයක් දැනෙනවා, මොකද තමන්ගේ තාත්තගේ ඇත්ත විස්තරේ එයා දන්නවා.

කවුද මේ ජේකොබ්?..මේ කට්ටිය කැලේ ජීවත් උන හේතුව මොකක්ද?..හෙලීනාගේ ජීවිතේට ජේකොබ් ආයෙත් මොන විදිහට සම්බන්ධ වෙයිද? ෆිල්ම් එක බලලම දැනගන්න එක හොදයි නේද?

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ කතාව් රසවිඳින්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Rukshan Henadheera සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Marsh King’s Daughter (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-marsh-kings-daughter-2023-sinhala-subtitles/feed/ 0
Freelance (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/freelance-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/freelance-2023-sinhala-subtitles/#comments Sun, 03 Dec 2023 16:07:45 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61823 Freelance Sinhala Sub Freelance Sinhala Subtitles Freelance (2023) Sinhala Sub Freelance (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් අද මේ අරගෙන ආවේ Freelance කියන 2023 ආව අලුත්ම Action Comedy ෆිල්ම් එක අරගෙන.. IMDb Rating 5.4 ක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..මේකේ අපි හැමෝම දන්න ආස කරන John Cena ප්‍රදාන චරිතයක් රඟපානවා..මේ ෆිල්ම් එක […]

The post Freelance (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Freelance Sinhala Sub
Freelance Sinhala Subtitles
Freelance (2023) Sinhala Sub
Freelance (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් අද මේ අරගෙන ආවේ Freelance කියන 2023 ආව අලුත්ම Action Comedy ෆිල්ම් එක අරගෙන..

IMDb Rating 5.4 ක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..මේකේ අපි හැමෝම දන්න ආස කරන John Cena ප්‍රදාන චරිතයක් රඟපානවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peppermint (2018 Action movie – IMDB 6.5) වගේම Taken(2008 Action movie IMDB 7.8) කියන සුපිරිම ෆිල්ම් ඩිරෙක්ට් කරපු Pierre Morel කියන අධ්‍යක්ෂකවරයා..

කතාව ගැන කියනවා නම් John Cena එහෙම නැත්තං කතාවේ විදිහට මේසන් පෙට්ටිස් හමුදා විශේෂ බලකායේ සොල්දාදුවෙක් විදිහට වැඩ කරනවා..එයාගේ අන්තිම මෙහෙයුමේදී ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා මෙයාලගේ හෙලිකොප්ටර් එකට වෙඩි වැදිලා කඩාගෙන වැටිලා සොල්දාදුවන්ගේ බාගෙට බාගයක් ම මැරෙනවා..මේකෙන් මේසන් සෑහෙන්න මානසිකව වැටෙනවා..ඊටපස්සේ එයා ගොඩක් උත්සාහ කරලා නීති විද්‍යාලයට ගිහින් නීතීඥයෙක් වෙනවා..

පස්සේ මේසන් ට එයා එක්ක අන්තිම මෙහෙයුමේ හිටිය යාළු සොල්දාදුවෙක් එක්ක වැඩක් කරන්න හම්බෙනවා…ඒ පැල්ඩෝනියාවේ ඒකාධිපතියෙක් වෙච්ච ජුවාන් අර්තුරෝ වෙනිගාස් එක්ක ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් සම්මුඛ සාකච්ඡාවක් කරනකොට ඇයට ආරක්ෂාව සපයන එක..මේ මාධ්‍යවේදිනිය තමයි මිස් ක්ලෙයාර් වෙලින්ටන්..කොහොම උනත් මේසන් මේ වැඩේ අකමැත්තෙන් බාර ගන්නේ..ඒ ඇයි කියලා ඔයාලට ෆිල්ම් එක බැලුවම තේරුම් ගන්න පුළුවන් වෙයි..

අකමැත්තෙන් උනත් මේ වැඩේ බාරගෙන පැල්ඩෝනියාවට ගියාට පස්සේ හමුදා කුමන්ත්‍රණයක් නිසා මේසන්, ක්ලෙයාර් වගේම වෙනිගාස් කියන තුන් දෙනාම කැලයක් අස්සේ හිරවෙනවා..ඉතින් මෙයාලා මෙතනින් බේරෙන්නේ කොහොමද..මොකක්ද මේ කුමන්ත්‍රණය, මේකේ යටි අරමුණ මොකක්ද, මේසන් ගේ යාළුවා මේසන් ව පැල්ඩෝනියාවට යැව්වේ මාධ්‍යවේදිනිය ට ආරක්ෂාව සපයන්න විතරම ද නැත්තං වෙන යටි අරමුණු තියෙනවද කියලා හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා..ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා..ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක්..ආයෙමත් හමුවෙමු..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Freelance (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/freelance-2023-sinhala-subtitles/feed/ 2
Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rock-dog-2-rock-around-the-park-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rock-dog-2-rock-around-the-park-2021-sinhala-subtitles/#respond Thu, 30 Nov 2023 19:39:09 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61601 Rock Dog 2: Rock Around the Park Sinhala Sub Rock Dog 2: Rock Around the Park Sinhala Subtitles Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Sub Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද හැමෝටම? මී‍ට අවුරුදු හතකට වගේ කලින් ඔයාලට අරගෙන ආපු Rock Dog (2016) සමහරවිට […]

The post Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rock Dog 2: Rock Around the Park Sinhala Sub
Rock Dog 2: Rock Around the Park Sinhala Subtitles
Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Sub
Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද හැමෝටම? මී‍ට අවුරුදු හතකට වගේ කලින් ඔයාලට අරගෙන ආපු Rock Dog (2016) සමහරවිට ඔයාල බලලාත් ඇති. මේ වෙද්දිත් ඒක නොබලපු කෙනෙක් ඉන්නවානම් ඉතින් කියන්න තියෙන්නෙ, යන්න යන්න, ගිහිල්ලා ඒ සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එක බලන්න කියලා තමයි. මොකද ඒක නම් මම බලපු ලස්සනම ‍ෆිල්ම් එකක්.

ඉතින් මේ ඔයාලාට අරගෙන එන්නෙ ඒ ෆිල්ම් එකේම දෙවෙනි දිගුව. ඉතින් මේ සීක්වල් චිත්‍රපටය නිකුත් වුණේ 2021 ජූනි මාසෙදි. හැබැයි ඒ කාලේ මට මේකෙ උපසිරස කරන්න වුණේ නැහැ. කමක් නෑ ඉතින් දැන් හරි ගෙනාවනෙ නේද? ඉතින් කැමති අය මේ ෆිල්ම් එකත් බලන්න.

හරි එහෙනම්, මම මේ කතාවෙ වෙන දේත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කො. ඉතින් මේ වෙද්දි බෝඩි එයාගේ බලය මොකක්ද කියලා හොයාගෙන තමයි ඉන්නේ. එයාගේ බලය ක්‍රියාත්මක වෙන්නෙ එයා සංගීතයට සම්බන්ධ වෙනකොට, ඒ කියන්නෙ එයාගේ ගිටාර් එක වාදනය කරනකොටයි. දැන් බෝඩි සෑහෙන ප්‍රසිද්ධයි. මෙහෙම කාලය ගත වෙ‍ද්දි සිදු වන සිදු වීම් කීපයක්ම අපිට බලාගන්න පුලුවන්. ඒ සිදු වීම් ටික මම ප්‍රශ්ණ විදිහට සඳහන් කරලා ඒ ප්‍රශ්ණවලට පිළිතුරු ඔයාලාටම හොයාගන්න ඉතිරි කරන්නම්.

  1. බෝඩි සිහිනයකින් දකින වෙනස්ම සහ අලුත්ම ගිටාර් තාලය  මොකක්ද ඇත්තටම? 
  2. ලෑං කියන බැටළුවා දෙන පොරොන්දු පිළිගත හැකි ඒවාද? ඔහුව විශ්වාස කළ හැකිද?
  3. රොක් ඇන්ඩ් ‌රෝල් පාක් එකට හදිසියේම එල්ල ‌වන තර්ජන පිටිපස්සේ තිබෙන හස්තය කාගේද?
  4. රොක් ඇන්ඩ් රෝල් පාක් එක ආධුනික රොක් ඇන්ඩ් රෝල් සංගීතවේදීන්ට අහිමි වේවිද?
  5. බෝඩිට ලෝකය සමග ඔවුන්ගේ සංගීතය බෙදාගන්න තිබෙනා ආසාව ඉටු වේවිද?

හරි ඔන්න ඔය ප්‍රශ්ණ පහට උත්තර ෆිල්ම් එක බලද්දි ලැබෙයි. 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ එල්.සී.දමැල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rock-dog-2-rock-around-the-park-2021-sinhala-subtitles/feed/ 0
Trolls Band Together (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/trolls-band-together-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/trolls-band-together-2023-sinhala-subtitles/#respond Thu, 30 Nov 2023 19:19:54 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61570 Trolls Band Together Sinhala Sub Trolls Band Together Sinhala Subtitles Trolls Band Together (2023) Sinhala Sub Trolls Band Together (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ‘BroZone’කියන්නේ,ජෝන් ඩෝරි,ස්පෲස්,ක්ලේ,ෆ්ලොයිඩ් ඒ වගේම බ්‍රාන්ච් කියන, සහෝදරයෝ 5 දෙන එකතු වෙලා හදාගෙන තියෙන ගොඩක් ප්‍රසිද්ද සංගීත කන්ඩායමක්.බ්‍රාන්ච් තමයි බාලම කෙනා .බ්‍රාන්ච් සංගීත කන්ඩායමට එකතු වෙන පලවෙනි දවසේම ඒ අයගේ ඉදිරිපත් […]

The post Trolls Band Together (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Trolls Band Together Sinhala Sub
Trolls Band Together Sinhala Subtitles
Trolls Band Together (2023) Sinhala Sub
Trolls Band Together (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

‘BroZone’කියන්නේ,ජෝන් ඩෝරි,ස්පෲස්,ක්ලේ,ෆ්ලොයිඩ් ඒ වගේම බ්‍රාන්ච් කියන, සහෝදරයෝ 5 දෙන එකතු වෙලා හදාගෙන තියෙන ගොඩක් ප්‍රසිද්ද සංගීත කන්ඩායමක්.බ්‍රාන්ච් තමයි බාලම කෙනා .බ්‍රාන්ච් සංගීත කන්ඩායමට එකතු වෙන පලවෙනි දවසේම ඒ අයගේ ඉදිරිපත් කිරීමත් වැරදෙනවා.

ඒක නිසා ඒ අය රන්ඩු වෙලා, සංගීත කන්ඩායමත් විසිරිලා යනවා. පුංච් බ්‍රාන්ච් විතරක් ආච්චි අම්ම එක්ක තනි වෙනවා. කන්ඩායම විසිරිලා ගියාට පස්සේ ,ෆ්ලොයිඩ්ව කට්ටියක් පැහැරගෙන ගිහින් හිරකරගෙන තියාගෙන, ෆ්ලොයිඩ්ගේ සින්දු කියන්න පුලුවන් හැකියාව එයාගෙන් උදුරගෙන,ඒ අය ඒ හැකියවෙන් සින්දු කියලා ප්‍රසිද්ද වෙනවා.

කොහොම හරි ජෝන් ඩෝරි ,ෆ්ලොයිඩ්ව හිරකරගෙන ඉන්න තැනට ගියත් ජෝන් ඩෝරිට තනියම ෆ්ලෙයිඩ්ව බේරගන්න බැ,සහෝදරයෝ 5 දෙනාම ඕන කියලා දැනගන්නවා, ඊට පස්සේ ජෝන් ඩෝරි ඉස්සල්ලාම බ්‍රාන්ච්ව හොයාගෙන යනවා.ඊටපසේ බ්‍රාන්ච් ජෝන්ඩෝරි එක්ක එකතු වෙලා අනිත් සහෝදරයනුත් හොයාගෙන ,ෆ්ලොයිඩ්ව බේරගන්න මෙහෙයුමක් කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Trolls Band Together (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/trolls-band-together-2023-sinhala-subtitles/feed/ 0
Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/loki-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/loki-2021-sinhala-subtitles/#comments Sat, 11 Nov 2023 08:05:29 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=7664 Loki Sinhala Subtitles Loki Sinhala Sub Loki 2021 Sinhala Subtitles Loki 2021 Sinhala Sub සුභ දවසක් හැමෝටම!! Loki කතා මාලාව ආරම්භ කරන්නයි මේ සූදානම. මේ වෙනකොට MCU එකට ඍජුවම සම්බන්ධ වන කතා මාලා තුනක් ඇවිත්. WandaVision, The Falcon and the Winter Soldier (2021) සහ අද මේ ඔබ වෙත ලැබෙන Loki. මේ කතා මාලාවට දෙවෙනි කතා […]

The post Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Loki Sinhala Subtitles
Loki Sinhala Sub
Loki 2021 Sinhala Subtitles
Loki 2021 Sinhala Sub

සුභ දවසක් හැමෝටම!!

Loki කතා මාලාව ආරම්භ කරන්නයි මේ සූදානම. මේ වෙනකොට MCU එකට ඍජුවම සම්බන්ධ වන කතා මාලා තුනක් ඇවිත්. WandaVision, The Falcon and the Winter Soldier (2021) සහ අද මේ ඔබ වෙත ලැබෙන Loki. මේ කතා මාලාවට දෙවෙනි කතා සමයක් එනවා කියලා තහවුරු කරලා අවසන් වගේම දැනටමත් එහි නිර්මාණය කිරීමේ වැඩකටයුතු කෙරෙමින් පවතිනවා. මෙම පළමු කතා සමය කොටස් 6කින් සමන්විතයි.

 

කවුද මේ ලෝකි?

ලෝකි ලෆේසන් කියන්නේ ලෆේගෙ ජෛව පුත්‍රයා. ලෆේ කියන්නේ යෝට්න්හයිම් (Jotunheim)හි පාලකයා. ඔහු ෆ්‍රොස්ට් ජයන්ට් කෙනෙක්. ලෝකි ඉපදුණාට පස්සේ ලෆේ ඔහුව මැරෙන්න දාලා යනා. ලෝකිව, ඔඩින් විසින් හොයාගන්නවා. ඊටපස්සෙ ඇස්ගාඩ්වවලට ලෝකිව අරගෙන යනවා. ඊට පස්සෙ ෆ්‍රිගා සහ ඔඩින් යටතේ ඇස්ගාඩියානු කුමාරයෙක් විදිහට තමයි ලෝකි, තෝර් සමගම උස් මහත් වෙන්න‍ේ. 

ඉතින් පළමු, දෙවෙනි සහ තුන්වැනි Thor චිත්‍රපට, Avengers පළමු සහ තුන්වන චිත්‍රපට එහෙම ඔයාලා බැලුවනම් ලෝකි කියන්නෙ මොන තරම් බුද්ධිමත්, කපටි හාදයෙක්ද කියලා නොදන්නවා වෙන්නනම් බෑ. කොටින්ම MCU එකේදි වැඩිම වාර ගණනක් මරණයට පත් වුණා කියලා ව්‍යාජව රඟපාලා නැවත ආපු චරිතය වෙන්නෙ ලෝකි. Avengers කතාවෙදි සෙංකෝලයක් සමග තැනොස්ට සේවය කරමින් චිටෝරි හමුදාව ගෙන්නලා මහා විනාශයක් සිදු කරන්නේත් මේ ලෝකිම තමා.

 

අහිංසකයෙක් ලෙස උපත ලැබුවෙමි, සතුරෙකු ලෙස දිවි ගෙව්වෙමි, වීරයෙකු ලෙස මියදුනෙමි

කරන තරමක් නසරානි වැඩම කරලා, හතුරෙක් විදිහට හැමතැනදිම හංවඩු ගැහුණත්, Thor: Ragnarok සිනමාපටයේ සිට යම් යහපත් කල්ක්‍රියාවක් පෙන්නුම් කරමින්, තැනොස්ව රවටන්න හදන ලෝකි Infinity War’හිදි මිය යන්නේ වීරයෙක් විලසින්. බොරුවට කිහිප වරක්ම මිය ගිය ලෝකිගේ ජීවිතේ අවසානයම වෙන්නට ඉඩ තිබුණා, Endgame කියලා කතාවක් නාවනම්.

 

යළි ආගමනය

ඉතින් Endgame එකේදි අපි දැක්කා Infinity Warහිදි තැනොස් ලෝකයෙන් ඉවත් කළ ජීවීන් අඩ නැවත ගෙන ඒමට දරන වෑයමේදි  කළ කාල කොල්ලය. (Time Heist) මේකෙදි 2012 කාල රාමුවෙදි වෙන මෙම කාල රාමුවේම හල්ක් නිසා සිදු වූ අලකලංචිය නිසා ලෝකි සමත් වෙනවා ටෙසරක්ට් එක අරගෙන මාරු වෙන්න. මෙතනින් පසුව ලෝකිට ‌වුණේ මොකක්ද? ‌සියලු මාවල් ප්‍රේක්ෂකයන් වගේම මගේ හිතෙත් මේ ප්‍රශ්ණය දැවි දැවී පැවතුණා. ඔව් මේ කතා මාලාවෙන් ඔබ වෙත ගෙන එනු ලැබෙන්නේ අන්න ඒ පිළිබඳ කතාවයි. ඉතින් මතක තියාගන්න මෙහි කාල රාමුව. තාම මේ කාල රාමුවෙ ‌ලෝකි Thor: The Dark Worldවත් Thor: Ragnarokවත්, අපි විසින් ලෝකිව වීරයෙක් ලෙස දුටු Infinity War සිදු වීම්වත් සිදු වී නැහැ. එවැන්නක් ඉදිරියේදිද සිදු නොවේවි. ඉතින් මේ අපි දකින්න යන්නෙ Avengers පළමු චිත්‍රපටයෙදි දුටු ලෝක නසරානි ලෝකි චරිතයමයි. ‌

 

Time Variance Authority (TVA)

TVA ලෝගෝව

ඔයාලා ලෝකි කතා මාලාවේ පූර්ව ප්‍රචාරක පට බලද්දි මේ Time Variance Authority (TVA) කියන දේ දකින්න ඇති. අපි සිංහලෙන් මේකට කාල විචල්‍යය අධිකාරිය කියලා කියමුකො. මේ සංවිධානය විසින් කරන්නෙ කාලය හා අවකාශය පිළිබඳ දේවල් නිරීක්ෂණය කිරීම. Multiverse නොහොත් මේ බහු විශ්වයන් තුළ පවතිනා සෑම කාල රාමුවක්ම පිළිබඳ මොවුන් අවධානය යොමු කරනවා. ඉතින් 2012දි ටෙස්රැක්ට් එක අරගෙන මාරු වෙච්ච ලෝකිව TVA එකෙන් අත්තඩංගුවට අරගෙන, ඔහුට ජීවත් වෙන්න අවස්ථාව දෙනවා හැබැයි ඒ වෙනුවෙන් ඔහුව සේවයට බඳවගන්නවා කාල රාමුවට කරපු බලපෑම් හරිගැස්වීමට‍. ඉතින් ලෝකිගේ හොඳ හොඳ සෙල්ලම් ටිකක් අද ඉඳලා බලන්න ලැබේවි.

Director: Kate Herron.

Writers: Tom Kauffman, Michael Waldron.

IMDB Ratings : 8.2

Air Date: 09 June 2021

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති [විමා] සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/loki-2021-sinhala-subtitles/feed/ 3
Sweet Tooth (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/sweet-tooth-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/sweet-tooth-2021-sinhala-subtitles/#respond Wed, 04 Oct 2023 20:54:17 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=55009 Sweet Tooth Sinhala Sub Sweet Tooth Sinhala Subtitles Sweet Tooth (2021) Sinhala Sub Sweet Tooth (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අපි යමුද ලෝක විනාශයේ අද්දරට ? තව දුරටත් විස දුම් නැති ,උද්ඝෝෂන නැති, යුද්ධ නැති කාර්මික විප්ලවයන්‌ගෙ අවසානයට යමුද ? හිතන්න පුලුවන්ද අන්තර්ජාලය නැති කාලයක්. තව දුරටත් වහසි බස් දොඩවන්න සමාජ ජාල නැති කාලයක් […]

The post Sweet Tooth (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sweet Tooth Sinhala Sub
Sweet Tooth Sinhala Subtitles
Sweet Tooth (2021) Sinhala Sub
Sweet Tooth (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අපි යමුද ලෝක විනාශයේ අද්දරට ? තව දුරටත් විස දුම් නැති ,උද්ඝෝෂන නැති, යුද්ධ නැති කාර්මික විප්ලවයන්‌ගෙ අවසානයට යමුද ? හිතන්න පුලුවන්ද අන්තර්ජාලය නැති කාලයක්. තව දුරටත් වහසි බස් දොඩවන්න සමාජ ජාල නැති කාලයක් .ඔවු , මරනය පෙනි පෙනි ජීවත්‌ වෙන්න සිද්ද වෙන කාලයකට යමුද ? මේ තමයි මහා වියවුලක ආරම්භය .

හැම කතාවක්ම පටන් ගන්නෙ ආරම්භයෙන් ඒත් මතක තියාගන්න අපේ කතාව පටන් ගන්නෙ මැදින්. ඔවු ,මේ 21 වන සියවසේ බොහොම හොද තවත් එක දවසක්. ඒත් කවුරුවත් නොදන්න දේ තමයි මේ කාලයේදී අපේ අවසානය හෙමි හෙමින් අප දෙසට එන විත්තිය .වර්තමානයෙ විනාශයත් සමග අලුත් යුගයක ආරම්භය පටන් ගන්නයි යන්නෙ .

අපි සොබාදහමෙන් ගත්ත විතරයි ආපසු මුකුත් දුන්නද? නෑ…. අඩුම තරමේ ස්වභාදම් මාතාව අපිට පිරිනමපු දේවල් වලට අපි කෘතගුණ සැලකුවද ? නෑ නේද ? ඇය බලන් හිටපු කාලය ඉවරයි මේ තමයි ඇය විසින් දූෂිත මිනිස් සත්වයා විනාස කර දමා අලුත් ජීවයක ආරම්බය ගෙන එන යුගය.

මතක් උනා නේද කොරොනා ? ඔවු මේත් ඒ වගේම වෛරසයක්. මුලු ලෝකයෙන් 1/4 ක් පමනක් ඉතුරු වෙද්දි මිනිස්සු මිය යනවා. අලුත ඉපදෙන සැම දරුවෙක්ම සතෙක් සමග මුහු උනු දෙමුහුන් ජීවීන් බවට පත්වෙනවා. මේ දෙමුහුන් දරුවන් වෛරසයට ආරම්භය යැයි කැරලි ගසන කන්ඩායම් ඔවුන්ගෙන් පරීක්ෂන සිදු කරනවා ඔවුන්ව මරා දමනවා. මිනිසුන් මිය ගියා තමයි නමුත් ඔවුන්ගෙ දුෂ්ට කම් තවමත් එහෙමයි..

මේ විනාශය ඒමට පෙරාතුව එක් පියෙක් තම දරුවා සමග වන වදින්නෙ පිටත ලෝකයෙන් වහන් වී සිටින්නයි. මේ එම දරුවාගේ කතාවයි .මේ එම දරුවා විසින් ලෝකය සුවපත් කරන්න වෙර දරන කතාවයි.මේ දඩයක්කරුවන්ගෙ දඩයම් භූමියේ පන රැකගන්න උත්සහ කරන හයිබ්‍රිඩ් ජීවින්ගෙ කතාවයි ….

Sweet Tooth කියන්නෙ එම නමින්ම නිකුත් උන කොමික් පොත් මාලාවක සජීවිකරණයයි . IMDB දර්ශකය මේ වනවිට 8.3 ක් දක්වා කරකවන්න සමත් උන කතාවක් .විනාඩි 45ක් පමන කතා කාලයක දිවෙන කොටස් 8 කින් සමන්විත මේ කතා මාලාව Action , Adventure සහ Fantasy ගනයටයි අත්වෙන්නෙ.

අපි කතාව පැත්තට හැරුනොත්,

ගස් කියන දරුවා වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ . විද්‍යාවෙ මහිමය කියාපාමින් බිහිවන හයිබ්‍රිඩ් දරුවකුගේ වික්‍රමයන් මේ ආකාරයට දිගෑදෙන්නෙ අප දන්නා ලොව විනාස වී සොබාදහමින් හැඩඋනු ලෝකයකයි .නමුත් මේ ලොව මිනිසාට තර්ජනාත්මකයි .මොකද වෛරසයක් විටින් විට මේ සියල්ලන්වය ආසාදනය කරගන්නවා . වෛරසය පැමිනි කාලයේ ඉපදෙන සියලුම ලමයි හයිබ්‍රිඩ් දරුවන් . ඒ කියන්නෙ බාගයක් මිනිස් බාගයක් සත්ව .සොබාදහමට අවනත හයිබ්‍රිඩ් දරුවන්ගෙන් ඒ අයිතිය උදුරගන්න වෙර දරන බල ලෝබී ජෙනරාල්වරයෙකු සතුරු භූමිකාව රග දක්වනවා. ඉතින් මේ හැමදේම අතරේ අපේ මේ ගස්ගෙ පියා මිය යනවා.ඉතින් ඔහු තම අම්මව හොයන් යන අතරෙ ඒ සිදුවීම් මධ්‍ය ලක්ෂය කරගෙන හරි අපූරුවට මේ අලුත් ලෝකයෙ සමබරතාවය පෙන්නුම් කරන්න මේ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා.බොහොම අලංකාර දසුන් වලින් සමන්විත මේ කතා මාලාව නෙතට අමුතු සිසිලසක් ගෙන එන්න පවා සමත් වෙනවා.ගස් සහ ඔහුගෙ සංචාරයේ ඔහුට හමුවන සොදුරු මිතුරන්ගෙ ඇසුරෙන් මේ කතා මාලාව තවත් හැඩ වෙනවා…

ඉතින් මේ 2021 අවුරුද්ද ගොඩක්ම කොමික් ඇසුරු කරගත් කතා සජීවිකරනය කරන්න මුල් තැනක් දිලා කියලා වගේයි පෙනෙන්නට තියෙන්නෙ . ඒ අතරිනුත් මේ කතා මාලාව එහි සාර්ථකත්වය පෙන්නුම් කරමින් ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කරන්න මේ වන විට සමත් වී තිබෙනවා . ඉතින් පලමු කතා සමය කුතුහලය සහ පුදුමයන්ගෙන් පිරි සුපිරි කතා සමයක් කියල බය නැතුව කියන්න පුලුවන් .

මතක තියාගන්න සමහර වෙලාවට ජීවිතේ කියන්නෙ අහඹු පුද්ගලයින් සමග යන පුදුමාකාර චාරිකාවක් . ඒ චාරිකාවේදි බැදීම් කියන දේ ඇති වෙනවා නැති වෙනවා . මේ සේරම එකට ගත්විට අපිට වැඩියෙන්ම වටින්නෙ ප්‍රියයන් සමග අපි ගෙවන කාලය . අන්න ඒ කාලය පසුතැවීම් වලට ඉඩ නොතිය බොහොම ආදරයෙන් වැලද ගන්න කියලා ඉල්ලනවා .

ජය වේවා!!

The post Sweet Tooth (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/sweet-tooth-2021-sinhala-subtitles/feed/ 0
The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/the-continental-from-the-world-of-john-wick-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/the-continental-from-the-world-of-john-wick-2023-sinhala-subtitles/#comments Wed, 04 Oct 2023 08:36:25 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=55574 The Continental: From the World of John Wick Sinhala Sub The Continental: From the World of John Wick Sinhala Subtitles The Continental: From the World of John Wick (2023) Sinhala Sub The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම කොහොමද හැමෝටම ? මේ අරගෙන ආවේ ඔයාල සැහෙන දෙනෙක් ඉල්ලපු […]

The post The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Continental: From the World of John Wick Sinhala Sub
The Continental: From the World of John Wick Sinhala Subtitles
The Continental: From the World of John Wick (2023) Sinhala Sub
The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම

කොහොමද හැමෝටම ? මේ අරගෙන ආවේ ඔයාල සැහෙන දෙනෙක් ඉල්ලපු ටීවී සිරිස් එකක්. සෑහෙන දෙනෙක් ඉල්ලුවට මොකද මේක බලන්න පුළුවන් 18+ අයට විතරයි. ප්‍රසිද්දියේ බලල අපහසුතාවයට නම් පත් වෙන්න එහෙම එපා ඔන්න😉

මේ කතාව ජෝන් වික් ෆ්රන්චයිස් එකටයි සම්බන්ධ, ඔයාල මේ වෙනකොට ජෝන් වික් ෆිල්ම් තුනම බලන්න ඇති කියල හිතනවා. බලල නැත්නම් අනිවා බලන්න. එහෙම ෆිල්ම් කවදාවත් මගහැරගන්න එපා. ඉතිං ඒ ෆිල්ම් එකේ එන නිව්යෝක් කොන්ටිනෙන්ටල් හොටෙල් එකේ කතාව තමයි මේ තියෙන්නේ. මේ මිනි සිරිස් එකක් විධියට නිර්මාණය වෙන මේ සිරිස් එකේ එපිසෝඩ් තුනයි තියෙන්නේ. හැබැයි ඒ තුන ෆිල්ම් තුනක් වගේ. පැය එකහමාර + ධාවන කාලයක් තියෙනව එක එපියක. මේ කතාව පසුබිම් වෙන්නේ 1970 දශකයට, හැබැයි ජෝන් වික් ෆිල්ම් තුනේ තිබුණු වයිබ් එක ඕනෑවටත් වඩා මේකේ තියෙනව.

මෙහි නිර්මාණකරුවන් වෙන්නේ Greg Coolidge, Shawn Simmons සහ Kirk Ward තිදෙනා. මේ සඳහා imdb වෙබ් අඩවියේ 7.5ක අගයක් ලැබෙනවා. ඒ වගේම RT වෙබ් අඩවියේ 64%ක විචාරක අගයකුත්, 81%ක ඕඩියන්ස් ස්කෝර් එකකුත් ලබාගෙන ෆ්‍රෙෂ් මට්ටමක් පවත්වාගෙන යන්න සමත් කම් දක්වනවා. ඒ වගේම මේ සඳහා සිනමා පුරාවෘතයක් වෙන Mel Gibson ප්‍රධාන වශයෙන් එකතු වෙනව. ඔහුට අමතරව ප්‍රධාන වශයෙන් Colin Woodell, Mishel Prada, Hubert Point-Du Jour, Katie McGrath, Ayomide Adegun, Nhung Kate, Jessica Allain වගේ අය එකතු වෙනවා. ඉතිං ජෝන් වික් ෆිල්ම් වගේම තමයි, මේ ටීවී සිරිස් එකත් ඇක්ෂන්, ක්‍රයිම් සහ ත්‍රිලර් කියන වර්ගයට අයිති වෙන්නේ.

එහෙනෙම් සීරිස් එක අද ඉඳන් අවසානය තෙක් බලන්න කියල ආදරයෙන් ආරාධානා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/the-continental-from-the-world-of-john-wick-2023-sinhala-subtitles/feed/ 7
Fearless (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/fearless-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/fearless-2020-sinhala-subtitles/#respond Mon, 21 Aug 2023 12:06:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51582 Fearless Sinhala Sub Fearless Sinhala Subtitles Fearless (2020) Sinhala Sub Fearless (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Netflix ආයතනයෙන් 2020 වසරෙ නිකුත් කරපු ඇනිම්මේශන් චිත්‍රපටියක් තමයි අරන් ආවෙ.මේක රිලීස් කරලා තියෙන්නෙ අගෝස්තු 14 වෙනිදා.Animation / Comedy / Family / Sci-Fi ඝනයට තමයි අයත් වෙන්නෙ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Cory Edwards.John H. Williams තමයි නිශ්පාදනය කරලා තියෙන්නෙ.මේ […]

The post Fearless (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fearless Sinhala Sub
Fearless Sinhala Subtitles
Fearless (2020) Sinhala Sub
Fearless (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Netflix ආයතනයෙන් 2020 වසරෙ නිකුත් කරපු ඇනිම්මේශන් චිත්‍රපටියක් තමයි අරන් ආවෙ.මේක රිලීස් කරලා තියෙන්නෙ අගෝස්තු 14 වෙනිදා.Animation / Comedy / Family / Sci-Fi ඝනයට තමයි අයත් වෙන්නෙ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Cory Edwards.John H. Williams තමයි නිශ්පාදනය කරලා තියෙන්නෙ.මේ ෆිල්ම් එකට IMDb 4.8ක අගයක් ලැබිලා තියෙනවා.Yara Shahidi,Miles Robbins,Miguel,Jadakiss ආදි හඩ නළුවන් මේ ෆිල්ම් එකෙ හඩකැවීම් කරලා තියෙනවා.චිත්‍රපටිය පැයකුත් විනාඩි 29ක කාලයක් දිවයනවා..

කතාව ගැන කිව්වොත් රීඩ් කියන්නෙ Fe@rLeSS කියන පරිශීලක නමින් වීඩියෝ ගේම් ගහන තරුණයෙක්.ඉතින් එයා ප්ලැනට් මාස්ටර් කියන ගේම් එකේ අන්තිම මට්ටම සෙල්ලම් කරන්නෙ.ඒ ක්‍රීඩාවෙ ප්‍රධාන චරිතෙ කැප්ටන් ලයිට්ස්පිඩ්.ඉතින් ගේම් එකේ ප්‍රතිවාදියා Dr.ආකේනස් කැප්ටන්යි ලට්ස්පීඩ්ගෙ බබාලා තුන්දෙනාව හොරකම් කරලා එයාලගෙ බලයන් ගන්න උත්සහ කරනවා.කොහොම හරි ඒ බබාල එයාලගෙ බලය භාවිතා කරන්න ගිහින් වැරදීමකින් ගේම් එකෙන් ඇත්ත පෘථිවියට එනවා. ඒ එන්නෙත් රීඩ්ගෙ ගෙදරට.ඉතින් ගේම් ගහමින් හිටපු රීඩ්ටයි එයාගෙ යාළුවා මෙලනිටයි Dr.ආකේනස්ගෙන් බබාලව බේරගන්න පුලුවන්ද කියලා කතාව බලලම දැනගන්න.ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නෙ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මධුභාෂණ බණ්ඩාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Fearless (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/fearless-2020-sinhala-subtitles/feed/ 0
Pets United (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pets-united-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pets-united-2019-sinhala-subtitles/#respond Mon, 21 Aug 2023 12:04:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51614 Pets United Sinhala Sub Pets United Sinhala Subtitles Pets United (2019) Sinhala Sub Pets United (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ගෙනල්ලා තියෙන්නේ “Pets United” චිත්‍රපටිය. 2019 වර්ෂයේ නොවැම්බර් 08 වෙනිදා ඉඳලා තමා මේ චිත්‍ර පටිය නිල වශයෙන් චීනයේ දී නිකුත් වෙන්නේ. ඒ අවුරුද්දේ ම දෙසැම්බර් දහ වෙනිදා වැනිදා ඇමරිකාව Netflix මගින් විකාශන කටයුතු […]

The post Pets United (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pets United Sinhala Sub
Pets United Sinhala Subtitles
Pets United (2019) Sinhala Sub
Pets United (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගෙනල්ලා තියෙන්නේ “Pets United” චිත්‍රපටිය. 2019 වර්ෂයේ නොවැම්බර් 08 වෙනිදා ඉඳලා තමා මේ චිත්‍ර පටිය නිල වශයෙන් චීනයේ දී නිකුත් වෙන්නේ. ඒ අවුරුද්දේ ම දෙසැම්බර් දහ වෙනිදා වැනිදා ඇමරිකාව Netflix මගින් විකාශන කටයුතු ආරම්භ කරනවා.

මේ කතාවේ සංවිධායක මඩුල්ල ගැන කියනවා නම්, Reinhard Klooss තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.ඒ වගේ ම Patrick Roche, Natalie Dormer, Eddie Marsan, Jeff Burrell, Harvey Friedman, Ian Odle, Bryan Larkin, Naomi McDonald, Andres Williams, Stephen Mangan, Teresa Gallagher, Frank Schaff, Tom Haywood කියන මේ කට්ටිය හඬ නළුවො විදිහට දායක වෙනවා. මෙය චිත්‍රපටය මිනිත්තු 92 ක් පුරාවට ධාවනය වෙනවා.

මේ තමා හඬ නළුවෝ.

දැන් අපි චිත්‍රපටයෙ කතාව පැත්තට යොමු වෙමු.

මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ වර්තමානයේ කතාවක් නම් නෙමෙයි. අනාගතයේ කෘතිම බුද්ධිය දියුණු වෙලා මිනිස්සු රොබෝවරු වගේ දියුණු තාක්ෂණයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න කාලයක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඒ නිසාම මේ චිත්‍රපටයේ ප්‍රධාන අරමුණ වෙන්නෙත් පරිසරය ආරක්ෂා කිරීම සහ කෘතිම බුද්ධියේ ආදීනව ගැන කියා දෙන එකමයි. මේ කතාවේ ප්‍රධාන චරිතය විදිහට හඳුන්වන්නේ රෝජර් කියලා සුනඛයෙක්. රෝජර් කියන්නේ අවතැන් වෙච්ච කෙනෙක්. එයා ජීවත් වෙන්නේ රොබෝ නගරයේ. “රොබෝ නගරයේ හොරා” කියලා එයා ගොඩක් ප්‍රසිද්ධයි.

මේ චිත්‍රපටයේ අපට දකින්න හම්‍‍බෙන අනෙක් චරිත තමා බෙල්, රොනාල්දෝ, බොබ්, බීසර්, වෝල්ටර්, සොෆී, ස්ලෝමෝ වගේ අය. එයාලත් ප්‍රධාන චරිතය වගේ ම හොඳ රංගනයක යෙදෙනවා. බෙල් කියන්නෙ නිරූපන ශිල්පිනියක ගේ සුරතලෙක්. රොනාල්දෝ සහ එයාගේ අම්මා ඉතාලි භාෂා උච්චාරණයක් තියෙන පවුලක්. වෝල්ටර් කියන්නේ Pug වර්ගෙට අයිති සුනඛ සුරතලෙක්. සොෆී කියන්නෙ වයසක මනුස්සයෙක්ගේ ඌරු සුරතලෙක්. බෝබ් කියන්නෙ රොබෝ සුරතලෙක්. එයාගේ විශේෂත්වය තමා එයාට මිනිස් සිතුම්-පැතුම් තියෙනවා.

කවු ද මේ බීසර්?

මෙයා ගැන ගොඩක් කට්ටියට ප්‍රශ්න තිබ්බා. ඇත්තට ම මේ බීසර් කියන්නේ මොන වර්ගයේ සතෙක් ද කියන එක හැමෝට ම ප්‍රශ්නයක්. බීසර්ට ලොකු නහයක් තියෙනවා. මේ නහය නිසාම චිත්‍රපටිය ගොඩක් තැන්වලදී එයාව හාස්‍යයට ලක් කරනවා. බීසර් කියන්නේ ප්‍රොබොස්කිස් වර්ගයට අයත් වඳුරෙක්. ටිකක් ලොකු නහයක් දකින්න හම්බෙන එක මේ සත්තුගෙ ලක්ෂණයක්. මෙයාලව දකින්න හම්බෙන්නෙ ඉන්දුනීසියාවේ වෙරලාශ්‍රිත කඩොලාන පරිසරවල. මේ පහළින් තියෙන්නේ ප්‍රොබොස්කිස් වදුරෙක්ගේ කියන් වඳුරෙක් ගේ ඡායාරූපයක්.

ආයෙත් කතාව පැත්තට,

ව පටන් ගද්දීම රෝජර් කියනවා එයා හුරතලුන්ට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. එය වුනත් රොබෝ නගරය තුළ ලොකු විප්ලවයක් වෙනවා. ඒ තමයි රෝබො වාසය කරන සියලු ම මිනිසුන්ව රොබෝවරු විසින් පන්නලා දාන එක. ඉතින් එත් එක්කම නගරේ ජීවත් වන හැම සතෙක්ම අවතැන් වෙනවා. හරියට නිකන් රොජර් වගේම. මේ විපර්යාසයත් එක්ක සතුන්ගේ එකමුතු වීම සහ ඒ ගොල්ලෝ එතන ඉඳන් ජීවත් වෙන්න කරන අරගලය තමයි මේ චිත්‍රපටියෙන් ඔයාලට දැකගන්න පුලුවන් වෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයත් පරිසරයට ආදරේ කරන කෙනෙක් නම් කෙනෙක් නම් ඔයාටත් මේ චිත්‍රපටය තුළින් ලස්සන ලෝකයක් දැක ගන්න පුළුවන් වෙයි!

එහෙනම් හැමෝටම බුදු සරණයි…!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ජනිදු නිම්සර බණ්ඩාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pets United (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pets-united-2019-sinhala-subtitles/feed/ 0