What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (720p)

Castaway Diva (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x3

Cooler Box vs. Drone

Castaway Diva Sinhala Sub
Castaway Diva Sinhala Subtitles
Castaway Diva (2023) Sinhala Sub
Castaway Diva (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔක්තෝබර් 28 වෙනිදා ඉදන් සති අන්තයේදි කතාංග 12ක් සමඟින් Netflix, TVING, tvN ඔස්සේ දිගැහැරෙන අළුත්ම කතාමාලාව තමයි 무인도의 디바 එහෙමත් නැත්නම් Castaway Diva. Music, Comedy, Romance වර්ගිකරණයන්ට අයත් මෙය අධ්‍යක්ෂණය කරන්නේ Big Mouth, Start-Up, Hotel del Luna, While You Were Sleeping, Doctors, My Love from the Star වගේ සුපිරිම කතා අපිට තිළිණ කරපු O Chung Hwan කියන අධ්‍යක්ෂකවරයා විසින්. තිරපිටපත් රචනා කරලා තියෙන්නෙ එම අධ්‍යක්ෂකවරයා යටතේ නිර්මාණය වුන Start-Up, While You Were Sleeping කතාමාලාවලට අමතරව Page Turner, Pinocchio, I Hear Your Voice, Dream High කතාමාලාවලත් තිර පිටපත් රචනා කරපු Park Hye Ryun විසින්.

ඉතින් Castaway Diva කතාව බලන්න අරගෙන එන්න ප්‍රධානතම හේතු සාධකය තමා ඒ කාරණාව. උඩින් තියෙන කතා සෙට් එක දැක්කම ඔයාලත් මගෙත් එක්ක එකඟ වේවි කියලා මම හිතනවා.

Extraordinary Attorney Woo කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරපු Park Eun-binව මතකයි නේද? අන්න එයා තමා මේ කතාවෙ ප්‍රධාන නිළිය. Extraordinary Attorney Woo කතාමාලාවේ Park Eun-binගෙ සිය රංගන දක්ෂතාව සහ කුසලතාව නිසා එයාට සම්මාන 10කට වඩා හම්බුනා වගේම විවිධ සම්මාන උළෙලවල්වල නිර්දේශිත නාමයන් අතරට එයාගෙ නමත් එකතු වුනා. Eun-bin කියන්නෙ Multi-Talented නිළියක් කියලා අවිවාදයෙන්ම පිළිගන්න පුලුවන්.

Nevertheless කතාමාලාව මතකනෙ. මෙයාගෙ නම ඇහුව ගමන් මතක්වෙන්නෙ ඒ කතාව. අපේ හිත් වැඩියෙන්ම ඇඳ-බැඳ ගත්ත Second Main Lead ව කොහොම අමතක කරන්නද? Chae Jong Hyeop එයත් මේ කතාමාලාවේ ප්‍රධන චරිතයකින් රංගනයෙන් එකතුවෙනවා. Unlock My Boss, Love All Play, The Witch’s Diner කතාමාලාවන් බැලුවනම් එයාව ඔයාලට නුහුරු කෙනෙක් වෙන්නනම් බෑ.

තවත් එක ප්‍රධාන චරිතයක් තමා “VIXX” Boy Band එකේ “N” එහෙමත් නැත්නම් Cha Hak Yeon කියන්නෙ.. මෙයා රඟපෑව සුපිරිම කතාමාලාව තමා Bad and Crazy කියන්නෙ. අමතක නැතුව ඇතිනෙ ඔයාලටත්. Joseon Attorney: A Morality කතාමාලාවෙන් වගේමTomorrow කතාමාලාවෙ නවවෙනි කතාංගයේ ආරාධිත රංගන ශිල්පියෙක් විදිහටත් Hak Yeon රංගනයෙන් එකතු වුනා.

Big Mouth කතාවෙ එපාම කරපු දුෂ්ට චරිතෙ මතකද?

එතකොට It’s Okay to Not Be Okay කතාවේ කෝ මුන් යොංගෙ පොත් ප්‍රකාශන සමාගමේ මුන් යොංගෙ වැඩ හින්දා නිතරම අමාරුවෙ වැටෙන CEOව මතකද? රසික අපිට එපාම කරපු දුෂ්ට චරිත, ආදරණීය චරිත, ආතල් චරිත මේ ඕනම එකක් Kim Joo Heon ට ඔට්ටුයි. Soundtrack #1, Now We Are Breaking Up, Dr. Brain, Start-Up, Do Do Sol Sol La La Sol, Dr. Romantic Season 2 /3, Kill It කියන කතාමාලාවලින් සිය රංගන කුසලතාව මනාවට පෙන්නුම් කළ Joo Heon කියන්නෙත් Castaway Diva හි තවත් එක් ප්‍රධාන චරිතයක්.

Kim Hyo Jin තමා පස්වෙනි ප්‍රධාන රංගන ශිල්පිනිය. The Good Detective Season 2, Lost , Private Lives, Mary Stayed Out All Night , Happiness කියන කතමාලාවලට Hyo Jin රංගනයෙන් දායක වුනා.

සෝ මොක් හා කියන්නෙ ප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න දවස ගානෙ හීන මවන යුවතියක්.. එක්තරා සිද්ධියක් නිසා මොක් හා පාළු දූපතක අතරමං වෙනවා වගේම ඒ හේතුව නිසා එයාට අවුරුදු 15ක් කාගෙවත් හව්හරණක් නැතිව තනියම ඒ දූපතේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා.

ඉතින් එයා දූපතේ අවුරුදු 15ක් කොයි වගේ ජීවිතයක් ගතකරන්න ඇතිද?

ඒ තරම් ලොකු කාලයක් තනියම ජීවත් වුන එයා වර්තමානයට කොහොම හුරු වෙයිද

එයාට කවුරු උදව් කරයිද? එයාගෙ හීනෙ ගායිකාවක් වෙන එකනෙ.. ඒ හීනෙ එයාට හැබෑ කරගන්න පුලුවන් වෙයිද?

මූණ දෙන්න සිද්ධ වෙන අභියෝගවලින් එයාට දිනන්න පුලුවන් වෙයිද?

හැම ප්‍රශ්නෙකටම උත්තර කතාව බලලම අපි හොයාගමු..

එහෙනම් ඔයාලා හැමෝටම මෙ ලස්සන කතාව බලන්න සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Castaway Diva:- S1:E3
Nov. 04, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published