What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The path to paradise begins in hell.May. 09, 2017United Kingdom122 Min.
Your rating: 0
9 1 vote
Alien: Covenant Sinhala Sub
Alien: Covenant Sinhala Subtitles
Alien: Covenant (2017) Sinhala Sub
Alien: Covenant (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

  • දිනය – 2104 දෙසැම්බර් 5
  • අභ්‍යාවකාශ යාත්‍රා වර්ගය – කොවෙනන්ට්කා
  • ර්‍ය මණ්ඩලය – 15
  • ජනපද වැසියන් – 2000
  • කළල – 1140
  • ගමනාන්තය – ඔරිගෙයි-6

ජීවය පවතින්නාවූ ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව සොයමින් මෙම යානාව පෘථිවියට සමුදුන්නේ මීට දශකයට පමණ ඉහතදීයි. නියමිත ගමනාන්තයට ලඟා වීමට නම් තවත් අවුරුදු හතයි මස හතරක කාලයක් ගමන් කල යුතු වෙනවා. මෙම ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව හොයාගෙන, එහි නව ජනපදයක් පිහිටුවීමයි මෙම යානාවේ සිටින්නාවූ කාර්‍ය මණ්ඩලයේ මෙහෙයුම වන්නේ. එකම එක පුද්ගලයෙකු හැරෙන්නට අන් සියලු දෙනාම හිමායන නිද්‍රාවේ පසුවෙනවා. ඒ, ආරම්භයේ පටන් මේ දක්වාම අභ්‍යවකාශ යානාවේ සියළුම කටයුතු කළමනාකරණය කරන්නාවූ, වෝල්ටර් නමැති කෘතීම මිනිසායි.

සියල්ල සාමාන්‍ය පරිදි සිදුවෙනවා. නමුත්, එක්තරා දිනයකදී සියල්ල වෙනස් ස්වරූපයක් අරගන්නවා. නොසිතූ මොහොතක, ආසන්න තාරකාවක සිට යානාව වෙත එල්ල වෙන්නාවු අධිකව ආරෝපණය වූ කම්පන තරඟයක් හේතුවෙන් යානාවේ ගින්නක් හටගන්නවා. මේ හේතුවෙන් දශකයක් පුරාවට හිමායන නිද්‍රාවේ පසුවූ කාර්‍ය මණ්ඩලය හදිසියේම අවදි කරවනු ලබනවා. නමුත්, ඔවුන් පමා වූවා වැඩියි. සියලු දෙනා හටම මරු පහරක් එල්ල කරමින් දරාගත නොහැකි අන්දමේ අහිමිවීමක් ඔවුන් හට සිදුවෙනවා.

නමුත්, ඔවුන් ළතවෙමින් සිටියේ නැහැ. වහ වහා යානාව අලුත්වැඩියා කිරීමේ කටයුතු හි නිරත වුණා. මේ අතරවාරයේදී ඔවුන් විසින් කිසිසේත්ම විශ්වාස කිරීමට අපහසු අන්දමේ සොයාගැනීමක් කරනු ලබනවා. එනම්, ඔවුන්ට ඉතාමත් සුළු දුරක් ඔබ්බට වන්නට, ජීවය පැවතීමට ඉහළ සම්භාවිතාවක් පැවතිය හැකි ග්‍රහලොවක් තිබෙන බව සොයාගැනීමයි. කෙතරම් සූක්ෂම ලෙස සොයා බැලුවත් ඔවුන්ට මෙය මීට පෙරාතුව හමුනොවූයේ මන්ද? මෙතරම් කාලයක් මෙම ග්‍රහලෝකය සියලු දෙනාගෙන්ම සැඟවී පැවතියේ කෙසේද? පිළිතුරු අනුමාන කළ නොහැකි ප්‍රශ්න සමුදායක්. අවසාන තීරණය ලෙස, යානාවේ දෙවැනි නිලධාරිවරයාගේ බලවත් විරෝධය ප්‍රතික්ෂේප කරමින්, නාදුනන ග්‍රහලොව වෙත මිනිසුන් සහිත ගොඩබැස්සවීමේ යානාවක් පිටත්කර හරිනවා.

සුන්දර ලෝකයක්… බැලු බැලු දසත දිස් වූයේ ඝන වනාන්තර පමණයි. පිරිසිදු නැවුම් වාතය. ඔවුන් සොයමින් පැමිණියේ මෙවැනි ආකාරයේ නව ලොවක්. ඉතිං කුමටද තවත් අවුරුදු හතක කාලයක් අභ්‍යාවකාශය තරණය කරමින් වෙනත් ලොවක් සොයා යන්නේ? අහෝ, කෙතරම් සුන්දරද… නමුත්, මේ සුන්දරත්වයෙන් වසාගෙන තිබෙන්නාවූ ඇඟ කිළිපොලා යන්නාවූ රුදුරු බිහිසුණු බව පිළිබඳව අංශු මාත්‍රයක් හෝ ඔවුන් දැනගත්තා නම්, මෙම ග්‍රහලොව ලෙස බැල්මක් හෝ හෙලන්නට පෙර ඔවුන් දහස් වතාවක් කල්පනා කරන්නට තිබුණා. නමුත්, ඔවුන්ගේ දෛවය ලියවී තිබුනේ වෙනස්ම ආකාරයකට. කිසිඳු පිළිසරණක් නොමැතිව, නන්නාදුන බිහිසුණු ලොවක අතරමං වූ ගවේෂකයින්ගේ ඉරණම කුමක් වේද? නොසිතූ මොහොතක ඔවුන්ගේ සහයට පැමිණි අමුතු මිනිසා කවුරුන් වේද? අවසානයේ, කී දෙනෙකුට තම ජීවිතය ගලවා ගැනීමට වාසනාව ලැබේවිද? සියල්ල ඔබ සැමට භාරයි.

වර්ෂ 2017 මැයි මස 4 වෙනිදා… මුළු ලොවම චිත්‍රපට ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් පුන පුනා බලා සිටි දිනයක් යැයි කිවහොත් මුසාවක් නොවෙයි. විශේෂත්වය තමයි, වර්ෂ 1979 දී ප්‍රථම වතාවට ආරම්භ වූ Alien චිත්‍රපට මාළාවේ නවතම චිත්‍රපටය නිළ වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබුනේ එදිනටයි. එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසයේදී පිටසක්වල ජීවින් පදනම් කරගත් චිත්‍රපට අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් බිහිවෙන්න ඇති. නමුත්, මෙම Alien චිත්‍රපට මාළාව තරම් ප්‍රේක්ෂක අවධානය දිනාගත්, ආදායම් අතින් සාර්ථක වූ, පිටසක්වල ජීවින් පදනම් කරගත් චිත්‍රපට මාළාවක් නම් තවමත් බිහිවී නොමැත. නමුත්, පෙර චිත්‍රපට වලට සාපේක්ෂව, මෙවර චිත්‍රපටයේ සුළු පසුබෑම් තත්වයක් පෙන්නුම් කර තිබෙන බව පිළිගත යුතුයි. ඇමරිකානු ඩොලර් මිලියන 97ක බරපැනක් දරමින් නිෂ්පාදනය වුණා වූ මෙම චිත්‍රපටය, මෙම සටහන ලියවෙන මොහොත වනවිට බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 232ක මුදලක් උපයාගෙන තිබෙනවා. එමෙන්ම, IMDB දර්ශකයේ 6.8 ක අගයකින්ද, Rotten Tomatoes හි 71% ක මනාප ප්‍රතිශතයක්ද, Google පරිශීලකයන්ගෙන් 80% ක මනාප ප්‍රතිශතයක්ද ලබාගෙන තිබෙනවා. පෙර චිත්‍රපට හා සංසන්දනයේදි, අදායම් මුදල සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ අඩුවීමක් තිබෙනවා තමයි. හැබැයි මගේ මතය අනුව නම් ඉතාමත් හොඳ කතා තේමාවක් අන්තර්ගත වෙනවා. පෙර චිත්‍රපට පරිදිම මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Alien (1979), Blade Runner (1982), Gladiator (2000), Hannibal (2001), Black Hawk Down (2001), American Gangster (2007), Robin Hood (2010), Prometheus (2012), Exodus: Gods and Kings (2014), The Martian (2015) ආදී අති විශ්ෂ්ට නිර්මාණ රාශියක් ලොවට දායාද කරමින්, මේ වනවිට සිය ජීවන මංපෙතෙහි අසූවන කඩයිම පසුකරමින් සිටින Ridley Scott විසිනි. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ, Jonah Hex (2010), X-Men: First Class (2011), Prometheus (2012), X-Men: Days of Future Past (2014), Steve Jobs (2015), X-Men: Apocalypse (2016), Assassin’s Creed (2016) ආදී චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි, Michael Fassbender සහ, Steve Jobs (2015), Fantastic Beasts and Where to Find Them (2016) වැනි චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි සුරූපී Katherine Waterston විසිනි.

එහෙනම්, කැමති අය අරගෙන බලන්න. විශිෂ්ට නිර්මාණයක් කියල සහතික කරලා කියනවා. තවත් චිත්‍රපටයකින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිල ප්‍රසාද් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.4 292,175 votes
TMDb Rating 6.08 7,717 votes
Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Ridley Scott
Director

Cast

Michael Fassbender isDavid / Walter
David / Walter
Billy Crudup isChristopher Oram
Christopher Oram
Danny McBride isTennessee Faris
Tennessee Faris
Carmen Ejogo isKarine Oram
Karine Oram
Amy Seimetz isMaggie Faris
Maggie Faris

Similar titles

Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madame Bovary (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Boy Called Christmas (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Green Knight (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Little Buddha (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jumper (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A.I. Artificial Intelligence (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mavka: The Forest Song (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published