What's happening?

Elvis (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Elvis (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Man. The Legend. The King of Rock & Roll.Jun. 22, 2022Australia159 Min.
Your rating: 0
10 1 vote

Elvis Sinhala Sub
Elvis Sinhala Subtitles
Elvis (2022) Sinhala Sub
Elvis (2022) Sinhala Subtitles

කවුද මේ ELVIS PRESLI කියන්නෙ.නිකමට වගේ මුහුණු පොතේ හොයල බෙලුවොත් දදැකගන්න පුලුවන් මිලියන 12 ක ෆලෝවර්ස්ල ඉන්න ෆෑන් පේජ් එකක්.හරි ELVIS PRESLI කියන්නෙ සුදු ජාතික ඇමරිකානු ගායකයෙක්. පෙනුමෙන් නම් සුදු ජාතිකයෙක් ඒ උනාට එහෙම නෑ.

“Before Elvis, there was nothing” බීට්ල්ස් බෑන්ඩ් එකේ John Lennon කියන විදිහට එල්විස් ප්‍රෙස්ලිට කලින් ලෝකයෙ ජනප්‍රිය සංගීතය ඇතුළෙ කිසිම දෙයක් තිබුණෙ නෑ. නමුත් ඇත්තටම ප්‍රෙස්ලිට කලින් වැදගත් චරිත ගණනාවක් ම ඇමරිකානු සංගීත ක්ෂේත්‍රයේ හිටිය. එහෙනම් ප්‍රෙස්ලි විතරක් විශේෂ වෙන්නෙ ඇයි?

වහල් සේවාව වෙනුවෙන් අප්‍රිකාවේ ඉඳන් ඇමරිකාවට ගෙනා කලු ජාතිකයින්ව මේ වහල් සේවයෙ යොදවාගැනීම තහනම් කරල ඔවුන්ට නිදහස් මිනිස්සු විදිහට පිළිගැනීම ලැබිල සියවසක් පමණ ගතවුණත් ඇත්තටම ඇමරිකානු සමාජයෙමේ කලු ජාතිකයින්ට හිමි වෙලා තිබුණෙ අඩු තැනක්. 1900 ගණන්වල මුල් භාගයෙදි මේ කලු ඇමරිකානුවන් තමන්ගෙ අප්‍රිකානු මුල් වලින් ලැබුණු ජන සංගීතයත් ඇමරිකාවේ සාම්ප්‍රදායික country සංගීතයත් එක්ක මුහු කරගෙන Jazz, Blues, Soul, Southern Gospel music වගේ සංගීත ක්‍රම ගණනාවක් නිර්මාණය කරගෙන තිබුණ. ඔවුන්ගෙ මේ Jazz/ Blues සංගීතයට සුදු ජාතිකයන් අතරෙ පිළිගැනීමක් ලැබුණෙ නෑ. සුදු මිනිස්සුන්ගේ සංගීතය වුණේ Country music වගේදෙයක්. අසම්මත නාද රටාවන් එක්ක උච්ච ස්වර වලින් කෑගහන දඟලන “යක්ෂයාගෙ සංගීතයක්” විදිහටයි බහුතර සුදු මිනිස්සු මේ Jazz/ Blues සැලකුවෙ. Jazz/ Blues උපදින්නෙ කලු ජාතිකන් වැඩිවශයෙන් හිටපු ඇමරිකාවේ දකුණට වෙන්න මිසිසිපි, ලුසියානා වගේ ප්‍රාන්තවල. 1940/50 වගෙ වෙනකොට මේ blues තාලෙට තරමක් වැඩි වේගයෙන් ගායනා වෙන Rock n Roll සංගීත ක්‍රමය Chuck Berry වගේ කෙනෙක් ඉදිරියට අරගෙන ආව. ඔය අතරෙයි මේ blues හැදුණ මිසිසිපි පලාතෙන් එන එල්විස් ප්‍රෙස්ලි නම් අපූරු කඩවසම් තරුණය තමන්ගෙ උණුහුම් ගැඹුරු කටහඬින් Rock n Roll සින්දු කියන්න පටන් ගන්නෙ. වැදගත්ම දේ ඔහු සුදු හමක් ඇති කෙනෙක් වීම. “කලු හම ඇති උන්ගෙ විකාරසහගත පිස්සු සංගීතයක්” විදිහට අවමන් ලැබුණු සහ සුදු ජාතිකයන්ට නොගැලපෙන තරම් පහත් දෙයක් විදිහට කොන් කරල තිබුණු Jazz/blues රිද්මයට ජාති බේදයක් නැතුවම හැමෝම ආකර්ශණය වෙන්න පටන් ගත්තෙ ඉන් පස්සෙ. විශේෂයෙන් නව යෞවන තරුණයො වර්ණභේද වාදය පැත්තකට දාල Rock n Roll වටා එකතු වුණා.

කලු සුදු කියල මිනිස්සු වෙන් කරල තිබ්බ සංස්කෘතික සීමාවක් එල්විස් ප්‍රෙස්ලි කඩා බිඳල දැම්ම. ඔහු ඇමරිකානු සමාජෙ සංස්කෘතික icon එකක් වුණා. ඒ සංගීතය විතරක් නෙමේ, ඇඳුම් පැලඳුම්, නිදහස් අදහස් සමාජයට ලොකු බලපෑමක් වුණා. ඇමරිකානු සංස්කෘතියට ඔහු කල මේ බලපෑම අදටත් ජීවමානව පවතින යමක්. එහෙම බලද්දි එල්විස් කියන්නෙ නිකම් ගායකයෙකුටත් වඩා ගතානුගතිකව ආපු සම්ප්‍රදායන් සුනුවිසුණු කරල දාපු සංස්කෘතික විප්ලවකාරයෙක් කිව්වොත් වරදක් නැති වෙයි. Jazz/ Blues/ Rock n Roll සංගීතයට මුලු ලෝකෙම අවධානය ලැබුණෙ එල්විස් ගෙන් පස්සෙයි. පසුකාලීනව Rock music වගේ සංගීත ක්‍රමයක් හැදෙන්නත් එල්විස් ඇති කල මේ බලපෑම සෑහෙන හේතු වුණා. තමන්ට කලින් බොහෝ අය හිටියත් එල්විස් ඉන්පස්සෙත් පරම්පරා ගාණකට අලුතෙන් හිතන්න පාරවල් විවර කරල දුන්න.ලෝකයෙ වැඩිම ගීත ප්‍රමාණයක් අලෙවි වුණු කලාකරුව විදිහට හඳුනාගැනෙන්නෙ එල්විස් ව (over 500 million records). බොහෝ අය ඔහුව එදාමෙදාතුර බිහිවුණු හොඳම ගායකය best performer විදිහට නම් කරනව. ලෝකය පුරා අදහන ආගමක් තරමට ප්‍රබල නමක් එල්විස් කියන්නෙ. “Before Elvis, there was nothing” කියල John Lennon කියන කතාව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ මේ ඉතිහාසය දිහා බලනකොටයි.

එල්විස් කියන්නෙ තරු දාහක් මැද එකම හඳක් වගේ බැබලුණු චරිතයක් වුණත් තමන්ගෙම ඇතුළාන්ත අඳුරකින් ඔහු පීඩාවින්ද. එක හේතුවක් තරුණ වයසේදිම ඔහු බොහෝම ආදරය කල ඔහුගේ මව මියයාම. අනෙක් පැත්තෙන් කාර්‍යබහුල බව නිසා බිරිඳ හා දරුවන් එක්ක නිදහසේ ගතකරන්න වෙලාවක් නැති වීම. මේ අවිවේකී පීඩාකාරී ජීවිත රටාව හින්ද එල්විස් බොහෝ තදබල විදිහට වෙහෙසට පත්වුණා. මේ වේදනාවන්ගෙන් මිදෙන්න ඔහු මත්ද්‍රව්‍ය වල පිහිට හොයාගෙන ගියා. සමහර වෙලාවට තමන් විඳින ඇත්ත වේදනාවන් සංගීත ප්‍රසංගයක සජීවී ඉදිරිපත් කිරීමක් ඇතුලෙ ඔහු මුදාහැරිය. ආදරය මොන තරම් හොඳ දෙයක් වුණත් තමන්ගේ කලාව වෙනුවෙනුත් තමන් වටා ගොඩ නැගෙන යෝධ මිනිස් පවුර වෙනුවෙනුත් තියන ආදරය එල්විස් ගේ ජීවිතය ඉක්මණින්ම ඔහුගෙන් උදුරා ගත්ත කියලයි මම හිතන්නෙ. ඒ ආදරයම ඔහුගෙ ශාරීරික සහ මානසික සෞඛ්‍ය බිඳ දැම්ම. හඳක්ම වගේ ලෝකය ඉදිරියෙ බැබලුණු ඔහු ඒ වගේ ඉක්මණින්ම අඳුරු වළාවක සැඟවිලා ගියා. නමුත් ඔහු කල කී දේවල් ඉතිහාසය තිබෙන තුරුම මිනිස්සු අතර පවතීවි. Music වලින්ම ඔහු කල සමාජ සංස්කෘතිය විප්ලවය කොයිවගේ එකක්ද කියල දැකගන්න නම් මේ චිත්‍රපටය බලන්න. මේව නම් big screen ම බලන්න ඕන චිත්‍රපට වුණත් ඒ අවස්ථාව අපිට ලැබුණේ නෑ. කොහොම වුණත් Elvis කියන්නෙ අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ලබාගන්න පුලුවන් රසවින්දනාත්මකම සිනමා අත්දැකීමක් බවට සැකයක් නෑ.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.5 108,111 votes
TMDb Rating 7.858 1,454 votes
Elvis (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Elvis (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Elvis (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Elvis (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Elvis (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Elvis (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Elvis (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Elvis (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Elvis (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Elvis (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Baz Luhrmann
Director

Cast

Austin Butler isElvis Presley
Elvis Presley
Tom Hanks isColonel Tom Parker
Colonel Tom Parker
Richard Roxburgh isVernon Presley
Vernon Presley
Helen Thomson isGladys Presley
Gladys Presley
Olivia DeJonge isPriscilla Presley
Priscilla Presley
Dacre Montgomery isSteve Binder
Steve Binder
Yola isSister Rosetta Tharpe
Sister Rosetta Tharpe
David Wenham isHank Snow
Hank Snow
Luke Bracey isJerry Schilling
Jerry Schilling

Similar titles

Patrick (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Terrifier 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Standing Up (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pada (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jonah Hex (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dear John (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gold (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paradise City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pathrosinte Padappukal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Samaritan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published