What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Open Love. Hidden HateDec. 04, 2015India126 Min.
Your rating: 0
10 1 vote
Hate Story 3 Sinhala Sub
Hate Story 3 Sinhala Subtitles
Hate Story 3 (2015) Sinhala Sub
Hate Story 3 (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වෛරයේ පළමු දිගහැරුම Hate Story (2012)

ඇය කාව්‍යා ක්‍රිෂ්ණා. මාධ්‍යවේදිනියක්. දවසක් ඇය එක් වංචාවක් නිරාවරණය කරගත්තු නිසා ඇයට ලොකු හතුරෙක් බිහිඋනා. සිද්ධාර්ත්. ඒත් ඇය දැනගෙන හිටියේ නැහැ ඔහු ඇගේ හතුරෙක් කියලා. ඔහු ඇයගේ ලෝකයට ආවේ ආදරය අරගෙන. ඇය ඒ ආදරයෙන් මත් උනා. ඇයට සිද්ධාර්ත්ව මුළු ලෝකයම උනා. ඒත් ඇත්ත දැනගනිද්දී කාව්‍යා ඒ ආදරේ නවත්තන්න බැරි දුරක් ගිහින් තිබුණා. ඇයටත් මුකුත් හිතාගන්න කලින්, සිද්ධාර්ත් ඇයව අන්ත අසරණ කරා. ඇයට තවත් අහිමි වෙන්න දෙයක් තිබුනේ නැහැ.. ඊටපස්සේ… එළඹුණේ ඇගේ වාරයයි…

වෛරයේ දෙවන දිගහැරුම Hate Story 2 (2014)

ඇය සෝනිකා. ලස්සන යුවතියක්. ඒත් තමන්ගේ තරුණ වයසේම ඇයට මන්දාර් කියන දේශපාලකයාගේ අනියම් බිරිඳ වෙන්න සිද්ද වෙලා තිබුණා. ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙච්ච සෝනිකාගේ ජීවිතේට ආලෝකයක් ආවේ හිටිහැටියෙමයි. ඒ ඇය යන ජායාරූප පංතියේ ඉන්න අක්ෂය කියන කඩවසම් ඔහු ඇයගේ අතීතය නොසළකා ඇයට ආදරය කරා. ඇයත් එහෙමයි. ඒත් සෝනිකාට සතුටු වෙන්න මන්දාර් ඉඩ තිබ්බේ නැහැ. මන්දාර්ගෙන් සෝනිකාටවත් අක්ෂයටවත් කිසිම විදිහේ ගැලවීමක් තිබුනේ නැහැ. සෝනිකාගේ දෑස් ඉදිරිපිටම මන්දාර්ගේ මැරයන් අක්ෂයව මරලා දැම්මේ ඇගේ වැළපීම් ගණනකට නොගෙනයි. සෝනිකාගේ ජීවිතෙත් අවසන් මිනිත්තු කීපය ගතවෙමින් තිබුනේ. ඇයව පණපිටින්ම මිනිපෙට්ටියක දාලා වළලලා මැරයන් යන්න ගියා. පොලව යට අවසන් හුස්ම පොද හෙලන්න ඔන්න මෙන්න තියෙද්දී සෝනිකාට අවසිහියෙන් වගේ දැනුනේ කවුදෝ වල හාරන බවක්… ජීවිතේ ඇයට තවත් අවස්ථාවක් දෙනවාවත්ද.. ඇයව විනාශ කරපු අධමයන් නැවත හමුවන්නට…?

අද කතාව, වෛරයේ තෙවන දිගහැරුම Hate Story 3 (2015)

ආදිත්‍ය… සාර්ථක ව්‍යාපාරිකයෙක්. දවසින් දවස ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්ත දක්වා ගමන් කරමින් හිටියේ. හැමදේකටම ළඟින් හිටියේ රූමත් බිරිඳ සියා. ආදරෙන් පිරුණු ඔවුන්ගේ පවුල් ජීවිතය. දවසක්… නන්නාදුනන කෙනෙක්ගෙන් හිතාගන්නවත් බැරි විදිහේ තෑග්ගක්.. සෞරව් සිංහානියා.. කවුද මේ? අඳුරන්නේ ඇති අයට මේ වගේ වටිනා තෑගිත් දෙනවද?

ආදිත්‍ය, මං ඔයාට ඉල්ලන ඕනම ගාණක් ණයට දෙන්න ලෑස්තියි… ඇපයක් ඕනත් නැහැ.. පොලියක් ගන්නෙත් නැහැ..
-හොඳ සිහියෙන්ද කතා කරන්නේ? කවුද ඔය වගේ ණය දෙන්නේ? පොලියක්, ඇපයක් ගන්නේ නැතුවම..!!
-අනිත් අය ගැන මං දන්නේ නැහැ, ඒත් මං කරන්නේ ගනුදෙනුවක්..?
-මොකක්ද ගනුදෙනුව..??
-එකම එක රෑකට විතරක් සියාව මං ගාවට එවන්න!!!

සෙල්ලම පටන් ගත්තා…

“ආදිත්‍ය, මේ සෞරව් කියන්නේ අපිට පේන කෙනා නෙමේ. ඇයි එයා අපි පස්සෙන් මෙහෙම පන්නන්නේ? අපි නොදන්න තව මොකක්හරි දෙයක් මෙතන තියෙනවා. ඒ මොකක්ද කියල හොයන්න ආදිත්‍ය. දෙයියන්ගේ නාමෙට හොයන්න…”

“මං දන්නවා සෞරව්, ඔයා හදන්නේ මාව ආදිත්‍යගෙන් පලිගන්න පාවිච්චි කරන්න. හතුරාගේ හතුරා කියන්නේ මිතුරෙක්නේ.
-ලස්සන වගේමයි ඔයාගේ මොළෙත් කායා.. ඔය ගොඩක් අනතුරුදායකයි වගේ.
-වෙන්න ඇති. ඒත් ඔයා තරමට නම් නැහැ.”

“සියා, මට පොරොන්දු වෙන්න! මොන තත්වයක් උඩදීවත් අර පාහර සෞරව්ව හම්බවෙන්න යන්නේ නෑ කියලා.. පොරොන්දු වෙන්න… ඇයි කතා නොකරන්නේ??”

මේ මත්බවක්ද.. නැතිනම් විෂක්ද
මේ ආදරයට අපි කුමක් කියා අමතමුද….
නුඹ දන්නේ මොනවාද, මාගේ අරමුණු ගැන..
දවසක යන්නම් නුඹේ හුස්මත් අරගෙනම…
තවමත් මා ජීවත් වන්නේ
නුඹ නිසාවෙන්මය…
එන්න ඒ අසම්පුර්ණ වූ කතාව,
අද සම්පුර්ණ කරන්නට…!!

Film එක බලලා කමෙන්ට් එකකුත් දාලා යන්න එහෙනම් මෙතැන් පටන් ඔයාලට බාරයි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මයුර සුරාජ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 4.6 3,388 votes
TMDb Rating 4.9 21 votes
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Sharman Joshi isAditya Singh
Aditya Singh
Zareen Khan isSiya Singh
Siya Singh
Karan Singh Grover isSaurav Singhania
Saurav Singhania
Puja Gupta isDancer in 'Neendein Khul Jaati Hain' Song
Dancer in 'Neendein Khul Jaati Hain' Song

Similar titles

Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jo & Jo (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eesho (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trance (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Section 375 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Express Raja (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Taanakkaran (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
RDX Love (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Entha Manchivaadavuraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published