What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

You can't save the world aloneNov. 15, 2017USA120 Min.
Your rating: 0
10 2 votes
Justice League Sinhala Sub
Justice League Sinhala Subtitles
Justice League (2017) Sinhala Sub
Justice League (2017) Sinhala Subtitles

ජස්ටිස් ලීග් කිව්වම කොමික් වල නම් ඔයාලට ලොකු පරාසයක් අහුවෙනවා. හැබැයි ජස්ටිස් ලීග් එකේ ආරම්භක සාමාජිකයෝ තමයි බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්, ෆ්ලෑෂ් සහ සයිබෝග් කියන්නේ. කොමික් වලට අනුව පසුකාලීනව DC අනිකුත් චරිතත් එකතු වෙනවා. ඒ අනුව ඇක්වාමෑන්, ග්‍රීන් ඇරෝ, සුපර්ගර්ල්, මාෂන් මෑන්හන්ටර් වගේ සාමාජිකයන් එකතු වෙනවා. ජස්ටිස් ලීග් ආරම්භය සිද්ධ වෙන්නේ 1960 වසරේදී. ඒ 1960 මාර්තු වල නිකුත් වූ The Brave and the Bold කියන කොමික් පොත ඇසුරෙන්. එමගින් කලින් තනිව ක්‍රියාකළ සුපිරි වීරයන් එකට එක්වී සතුරන් හා සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ හරහා තමයි පළමු වරට සුපිරි වීරයන්ගේ කණ්ඩායමක අවශ්‍යතාව DC කොමික් රචකයන් අත්‍යවශ්‍ය දෙයක් ලෙසට දකින්නේ. පහත තියෙන්නේ ඒ කතාවේ මුල් කවරයේ චායාරූපයක්. පසුව එම වසරේම නොවැම්බර් මස Justice League of America නමින් මෙම ලීගය එලි දක්වනවා. ඒ වගේම එහි නැවත උපතක් සිද්ධ වෙනවා 2016 වසරේදී. DC Rebirth යටතේ. පසු කාලීනව ඇනිමේෂන් කතා මාලාවක් තුලින් පවා අපට මේ කණ්ඩයාම මුණ ගැහුනා. අවිවාදයෙන් කියන්න ඕනේ කොමික් ලෝකයේ ප්‍රසිද්ධම සුපිරිවීර කණ්ඩායම තමයි ජස්ටිස් ලීග් කියන්නේ. ඒක අද ඊයේ කොමික් බලන්න පටන් ගත්ත අයට ඇරෙන්න අනික් හැමෝම වගේ පිළිගන්න කාරණයක්.

එහෙනම් මම මේ කතාවට හැරෙන්නම්. මේ කතාව මීට කලින් මම උපසිරැසි සපයපු Batman V Superman: Dawn of Justice (2016) චිත්‍රපටය හා සම්බන්ධයි. එතනින් නිමා වූ පසු ඊලඟ ආරම්භය සනිටුහන් වන්නේ අද මේ උපසිරැසි ලබාදෙන Justice League (2017) චිත්‍රපටය සමගින්. කලින් චිත්‍රපටය ගැන අමතක නම් එහි සිදුවූ ලොකුම සිදුවීම තමයි සුපර්මෑන්ගේ අභාවය. ඩූම්ස්ඩේ හෙවත් ලෙක්ස් ලූතර් විසින් ක්‍රිප්ටන් ලෝකයෙන් පැමිණි ජෙනරාල් සොඩ්ගේ සිරුර යොදාගෙන නිර්මාණය කල රාක්ෂයාත් සමගම පෘතුවියෙන් ක්ලාක් කෙන්ට් සමු ගනු ලැබුවා. එහි අවසානය එසේ සනිටුහන් වනවිට ඉන් මූලාරම්භයක් ලබා දුන්නා කණ්ඩායමක වැදගත් කමක් ඉස්මතු කරමින්. අපිට දකින්න ලැබුනා වේගයෙන් එහෙ මෙහෙ යන්න පුළුවන් කෙනෙක්, ඒ වගේම මුහුද යට ජිවත් වෙන රණශූරයෙක් සහ රොබෝ සිරුරකට හිමිකම් කියන මිනිසෙක් ගැන. ඒ දේවල් දැනගන්න ලැබුනේ ලෙක්ස් ලූතර්ගේ පරිගණකය හරහා. වොන්ඩර් වුමන් ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. දැනටමත් එයාගේ වෙනම චිත්‍රපටයක් මගින් ලෝකයේම අවධානය දිනාගෙන අවසන්. ඉතින් එහෙම අවසන් උනා වගේම ලෙක්ස් ලූතර් හිරගෙදර ඉඳන් එක කාරණයක් කිව්වා. ඒ තමයි රාක්ෂයන් එන්නේ පොළවෙන් නෙමේ අහසෙන් කියලා. ඒ වගේම ඒ චිත්‍රපටය තුල මුලින් තිබු පසුව මකා දැමු එක දර්ශනයක් තිබුනා එහි සතියේ DC සිනමා විශ්වයේ ඉන්න ප්‍රභලතම සතුරෙක් වන ඩාක්සයිඩ් ගේ ජෙනරාල් කෙනෙක් වන ස්ටෙපන්වුල්ෆ්. මේ චිත්‍රපටයේ ඔබ දකින සතුරා වෙන්නේ එයාම තමයි. ඔහු එනවා පෘතුවියට. ඒත් ඒ එන්නේ මොකටද කියන කාරණේ මම දැන්ම කියන්නේ නැහැ. ඔහු තමයි මේ කණ්ඩායම එකතු කරන්න හේතුව වන පුද්ගලයා වෙන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය මුලින් කලේ Zack Snyder විසින් පසු කාලීනව ඇවෙන්ජර්ස් පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂක Joss Whedon ද සහයට පැමිණියා. සුපුරුදු පරිදි බැට්මෑන් චරිතය Ben Affleck විසිනුත් සුපර්මෑන් චරිතය Henry Cavill විසින් සහ Gal Gadot විසින් වොන්ඩර් වුමන් චරිතය රඟ දක්වනවා. මේ චිත්‍රපටය තුලින් අලුතෙන් තිදෙනෙක් මුණ ගැහෙනවා ඒ තමයි ෆ්ලෑෂ්, සයිබෝග් සහ ඇක්වාමෑන් කියනේ. පිලිවෙලින් ඒ චරිත සඳහා Ezra Miller, Ray Fisher සහ Jason Momoa යන නළුවන් විසින් රංගන දායකත්වය සපයනවා. ආදායම් ගැන දැනට මොකුත් කියන්න බැහැ මොකද මෙය තවතමත් ශාලා වල තිරගත වන චිත්‍රපටයක්. එහෙනම් ගිහින් එන්නම්.

හැමෝටම ජය!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.1 466,334 votes
TMDb Rating 6.1 12,142 votes
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Joss Whedon
Director

Cast

Ben Affleck isBatman / Bruce Wayne
Batman / Bruce Wayne
Henry Cavill isSuperman / Clark Kent / Kal-El
Superman / Clark Kent / Kal-El
Amy Adams isLois Lane
Lois Lane
Gal Gadot isWonder Woman / Diana Prince
Wonder Woman / Diana Prince
Ezra Miller isThe Flash / Barry Allen
The Flash / Barry Allen
Jason Momoa isAquaman / Arthur Curry
Aquaman / Arthur Curry
Ray Fisher isCyborg / Victor Stone
Cyborg / Victor Stone
Jeremy Irons isAlfred Pennyworth
Alfred Pennyworth
Diane Lane isMartha Kent
Martha Kent
Connie Nielsen isQueen Hippolyta
Queen Hippolyta

Similar titles

No Time to Die (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blowback (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Green Hornet (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Khuda Haafiz: Chapter 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thor: Ragnarok (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pranaam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gunday (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bigfoot Family (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published