What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Some missions are not a choice.Jul. 13, 2018USA147 Min.
Your rating: 0
10 2 votes
Mission: Impossible – Fallout Sinhala Sub
Mission: Impossible – Fallout Sinhala Subtitles
Mission: Impossible – Fallout (2018) Sinhala Sub
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. ෆිල්ම් එක පිළිබද තොරතුරු පැත්තට හැරෙමුකෝ දැන්.

MI කිව්වොත් එක පාරම මතක් වෙන්නේ ටොම් කෘස්ව, ටොම් කෘස් කිව්වම එක පාරටම මතක් වෙන්නේ මිෂන් ඉම්පොසිබල් 😀 ඒ දෙක ඒ තරම් තදින් බැඳිලා තියෙනව 1996 ඉඳලම. ඒ බැඳීම කොතෙක්ද කියනවා නම් 2018 මේ මොහොත වෙනකොට නිකුත් වෙලා තියෙන MI : 6 තියෙන්නේ වසරේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායම දිනාගත්ත සිනමාපට අතර 8 වෙනි ස්ථානයේ. ඒ ඩොලර් මිලියන 720 + ආදායමක් උපයාගනිමින්. ඒ විතරක් නෙමේ. මේ සිනමාපටය IMDB Top 250 අතරින් #221 වෙනි ස්ථානය දිනාගන්නේ 8.1 ක් වැනි ඉහළතම අගයක් ලබාගෙන. මෙවර අධ්‍යක්ෂණය Christopher McQuarrie විසින්. ඔහු ටොම් එක්ක සැහෙන්න වැඩ කරපු කෙනෙක්. මම හිතන්නේ ඒ සහ සම්බන්ධයත් මේ සිනමාපටයේ සාර්ථකත්වයට බලපාන්න ඇති. ඒ වගේම කතාවත් Christopher McQuarrie සහ Bruce Geller දෙන්නගෙන් තමා ලැබෙන්නේ.

මේ හැම දෙයක්ම පිටිපස්සේ ටොම් කෘස් කියන අසහාය ක්‍රියාදාම රංගධරයාගේ මහා කැපකිරීම් රැසක් තියෙනවා. youtube එකේ Tom Cruise Stunt Injury on ‘Mission: Impossible කියල ගහල බලන්නකෝ. කි වතාවක් මෙයා මේ සිනමාපට පෙළ වෙනුවෙන් අතපය කඩාගෙන තියෙනවද කියල. එහෙම වෙන්න හේතුව ඕනෑම අවධානම් රුගත කිරීමක් උනත් ආදේශක නළුවෙක් නැතුව තමන් විසින්ම රග දැක්වීම. එහෙම තැනකදී ටොම් කෘස් තමන්ගේ පදයේ වළලුකර බිඳ ගන්නවා. එත් මිනිහගේ උනන්දුව කොච්චරද කියනවා නම් ඒ ෂොට් එක දිගටම රග පානවා කකුල කැඩිලම තියෙද්දිත්. Christopher McQuarrie වතාවක් සම්මුඛ සාකච්චාවකදී මේ සිද්දිය ගැන කියනව. ඒ අදාල දර්ශනයේදී ටොම්ට කලන්තේ දානකම් දුවගෙන ගියා කියල කැඩුන කකුලක් එක්ක. වීඩියෝ එක youtube එකේ බලපු අයට ඒක නෝට් වෙයි. මොකද ඒ දර්ශනය එහෙම්ම ෆිල්ම් එකේ තියෙනව කියල කියනවා. ඒ තුවාල වීම නිසා වැඩේ සති අටකින් කල් ගිහින්. එන වගේම skydive සීන් එකත් ටොම් අයියම තමා කරලා තියෙන්නේ. ලෝකේ ලොකුම හුලං උමඟ හදල තියෙනව මේකට පුහුණු වෙන්න. ඒත් ඇත්තටම පස් හය පාරක් skydive කරලා පුහුණු වෙලා තමා ඒ ෂොට් එකත් අරගෙන තියෙන්නේ. මිනිහත් ජැකී චෑන්ට දෙවැනි නැහැ බලන් යනකොට. බෙන්ජිට රගපාන Simon Pegg කියනවා එක තැනකදී.” ෆිල්ම් එක රුගත කරන අතරතුර හැමෝම වගේ ඉන්නේ ස්ට්‍රෙස් එකෙන්, මොකද මේ යකා කොයි වෙලේ බෙල්ල කඩාගෙන මැරෙයිද කියල කියන්න බැහැ.” කියල. හිතාගන්නකෝ ඉතිං 😀 ඒ වගේම මේකේ තියෙන නාන කාමරයක් ඇතුලේ කරන සටනක්. ඒක සැලසුම් කරලා තිබිල තියෙන්නේ දවස් හතරකින් ඉවර කරන්න. ඒත් වැඩේ ඉවර වෙනකොට සති හතරක්ම ගිහිල්ලා. ඒ වගේම මේ ෆිල්ම් එක රුගත කරද්දී Rebecca Ferguson ගැබිනියක්. එහෙම තත්වයක ඉද්දිත් එයා ගේම අත් ඇරලා නැහැ. ඉතිං ඔය වගේ දේවල් එක්ක කියන්න තියෙන හොඳ ආරංචිය තමා මෙතැනින් වැඩේ නවතින්නේ නැහැ කියල ආරංචිය දීලා තියෙන එක. ඒ කියන්නේ තව MI ෆිල්ම් එනවා අපිට බලන්න 😀

ඉතිං මේකට ටොම් කෘස් එක්ක මෑන් ඔෆ් ස්ටිල්, ඔව් ඔව් WB ල එක්ක ලව් එක බ්‍රේකප් උන හාදයා Henry Cavill, Ving Rhames,Simon Pegg,Rebecca Ferguson,Sean Harris ඇතුළු තවත් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. හොඳම වැඩේ කියන්නේ අධ්‍යක්ෂ Christopher McQuarrie ඉන්ස්ටග්‍රෑම් කමෙන්ට් එකක් හරහා තමා Henry Cavillට මේ චරිතය බාරදීලා තියෙන්නේ. ඒ වගේම මේක තමා MI ෆිල්ම් වලින් දීර්ඝතම ධාවන කාලයක් සහිත ෆිල්ම් එක වෙන්නේ. ඒ වගේම MI ෆිල්ම් මාලාවෙන් F අකුරේ වචනය තියෙන පළවෙනිම ෆිල්ම් එක මේක.ඒ වගේම Henry Cavill කියල තිබ්බ සුපර් මෑන්ට රගපානකොටවත් මේ තරම් ත්‍රාස ජනක දර්ශන වලට පෙනී ඉන්න වෙලා නැහැ කියල. ඉතිං කියන්න නම් විස්තර ගොඩක් තියෙනව ඒවට වඩා එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලාගෙන Film එක ගන්න යමු 😀.

ඔයාලා හැමෝටම මතක ඇතිනේ ඊතන්ගේ බිරිද ජුලියා. එයාව අපිට 4වන ෆිලුම ඒ කියන්නේ Ghost Protocol එකෙන් හමුවුනාට පස්සේ එයාට මොනවා වුනාද කියලා දැනගන්න ලැබුනේ නැහැනේ. ඉතිං මේ සැරේ ෆිලුමේදී අපිට එයාව දැකගන්න ලැබෙනවා. ඒ වගේම Rogue Nation කතාවේ දුෂ්ටයාම තමයි මේකේදී අපිට දැකගන්න ලැබෙන්නෙත්. මේ සැරේ කතාවේදී ඊතන් ඇතුළු පිරිස ප්ලූටෝනියම් ටිකක් හොයාගන යන කතාවක් තමයි තියෙන්නේ. ඒ ප්ලූටෝනියම් ටික ලබාගන්න තිබුන පළවෙනි අවස්ථාව ඊතන් අතින් ගිලිහෙන්නේ එයා එයාගේ කණ්ඩායම බේරගන්න ඕන නිසා ඒ ටික සතුරන් අතට ලබාදෙන නිසයි. මේ ප්ලූටෝනියම් ටික ඊතන් ඇතුළු කණ්ඩායම අරගන යන්නේ එයාලා කවදාවත් හිතපු කෙනෙක් ළගට නම් නෙවෙයි. ඒ වගේම මේ සැරේ කතාවෙත් Rogue Nation එකේදී අපට හමුවුන ඉල්සා ඉන්නවා. හොදයි එහෙමනම් බලන්නකෝ කතාව.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුරේනි අතුරුගිරි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.7 359,302 votes
TMDb Rating 7.414 7,427 votes
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Tom Cruise isEthan Hunt
Ethan Hunt
Henry Cavill isAugust Walker
August Walker
Ving Rhames isLuther Stickell
Luther Stickell
Simon Pegg isBenjamin 'Benji' Dunn
Benjamin 'Benji' Dunn
Sean Harris isSolomon Lane
Solomon Lane
Angela Bassett isErika Sloane
Erika Sloane
Vanessa Kirby isThe White Widow
The White Widow

Similar titles

Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jujutsu Kaisen 0 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tomb Raider (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Free Guy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Big Brother (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
How I Became a Superhero (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Over the Moon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gunday (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published