What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Desperate times. Desperate measures.Jul. 23, 2015USA131 Min.
Your rating: 0
10 1 vote
Mission: Impossible – Rogue Nation Sinhala Sub
Mission: Impossible – Rogue Nation Sinhala Subtitles
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Sub
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගැන ඉතිං අමුතුවෙන් විස්ත කරන්න උමනාවක් නැහැනේ. දැක්ක තමන්ම දන්නවා සුපිරිම කතාවක් කියලා. ඉතිං මේ Rogue Nation ගැන කියන්න කලින් Mission: Impossible චිත්‍රපට මාලාව ගැන කියලා ඉන්නම්. මෙහි පළමු චිත්‍රපටය නිකුත් වෙන්නේ 1996දීල ඉන්පසු පිළිවෙලින් 2000, 2006, 2011 සහ දැන් 2015 වේදී මෙම චිත්‍රපට 5 නිකුත් උණා. චිත්‍රපට 5ටම රංගනයෙන් වගේම නිශ්පාදනයෙන් දායක වෙන්නේ සුපිරි නළු ටොම් කෘස්. (මගේ කැමතිම නළුවා) මෙහි තුන් වෙනි චිත්‍රපටයේ සිට J. J. Abrams විවිධ ආකාරයෙන් නිර්මාණයට දායක වෙලා තියෙනවා. J. J. Abrams සම්බන්ධ වෙනවා කියන්නේ ඉතිං සුපිරිම ගනයේ කතාවක් නිර්මානය වෙනවා කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එයා Star Trek චිත්‍රපට දෙක වගේම අපි දන්න සුපිරි කතා මාලා වන Alias, Lost, Fringe, Revolution, Almost Human, Believe වලට විවිධ අකාරයෙන් දායකත්වය සපයලා තියෙනවා.

මීළඟට මම කියන්න යන්නේ සුපිරි නළු ටොම් කෘස් ගැන. ටොම් කෘස් ඊතන් හන්ට්, IMF නියෝජිතයෙක් ලෙස මෙම චිත්‍රපට 5ටම දායකත්වය සපයලා තියෙනවා. ඉතිං මේ ටොම් කෘස් ගැන ඉතිං අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැනේ . නම කියූ පමනින් ගස් ගල් පවා අදුනනවා මේ සුපිරි නළුවා ගැන. ටොම් කෘස් උපත ලබලා තියෙන්නේ 1962 ජූලි මාසයේ 3 වෙනිදා Thomas Cruise Mapother IV ලෙස. (දැන් අවුරුදු 50 වඩා වැඩි උණත් තාමත් අවුරුදු 20 කොල්ලෙක්ට වඩා හොදට සුපිරි රඟපෑමක් ඉදිරිපත් කරලා තියෙනවා) ටොම් කෘස් රගපෑමට පිවිසෙන්නේ 1981දී Endless Love චිත්‍රපටයෙන්. මේක ටොම්ගේ පළවෙනි චිත්‍රපටය වගේම James Spader (බ්ලැක්ලිස්ට්- රේමන්ඩ් රෙඩින්ටන්) ගේ දෙවන චිත්‍රපටය. මෑත කාලයේ නිකුත් වූ The Last Samurai, Knight and Day, Jack Reacher, Oblivion, Edge of Tomorrow, වැනි චිත්‍රපට කාගේත් මතකයේ රැදිලා ඇති කියලා හිකනවා. ඒ වගේම මෙයා ඇකඩමි සම්මාන තුන යෝජනා වෙලා තියෙනවා සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක් දිනාගන තියෙනවා. ඔස්කාර් සම්මානය හිමිඋනේ නැතත් අනිවාර්යෙන්ම හිමිවිය යුතු නළුවෙක් හැටියට වෙබ් අඩවි ගනනාවකම ටොම් කෘස්ගේ නම සදහන් වෙනවා.

Mission: Impossible චිත්‍රපට මාලාවේ පස්වෙනි විත්‍රපටය හැටියට සහ 2011 නිකුත් උන Mission: Impossible – Ghost Protocol චිත්‍රපටයට පසු තමයි මේ චිත්‍රපටය Mission: Impossible – Rogue Nation ලෙස නිකුත් වෙන්නේ. මේක අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නේ Christopher McQuarrie. මෙයා The Tourist, Jack Reacher, Edge of Tomorrow, වලට දායකත්වය සපයපු සුපිරි ගනයේ නිර්මාණකරුවෙක්. සුපිරි නළු Jeremy Renner (අපි කවුරුත් දන්න විදියට කිව්වොත් Hawkeye) William Brandt ලෙසත්, Simon Pegg, Benji Dunn ලෙසත් Ving Rhames, Luther Stickell ලෙසත්, Rebecca Ferguson, Ilsa Faust ලෙසත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මේ Rogue Nation චිත්‍රපටය මේ වෙනකොට 7.9 IMDB අගයකුත් 92% ක rottentomatoes අගයකුත් ලබාගන තියෙනවා. ඉතිං කතාව සුපිරි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ජූලි 31 වනදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටය අගෝස්තු 15 වෙනිදා වනවිට ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 310.6ක ආදායමක් ලබාගන්න සමත්වෙලා තියෙනවා සහ ලොව පුරා අරම්භක දිනයේදී ඩොලර් මිලියන 121ක ආදාමක් ලබාගන්න සමත් වෙලාතියෙනවා. ජූලි මාසයකදී IMAX ප්‍රර්ශනය ආරම්භ කරපු චිත්‍රපට අතරේ 3 වනතැන ඉන්නේ ඩොලර් මිලියන 12.5 ආරම්භක වාර්තාවක් තබමින්. ඒ The Dark Knight Rises සහ Harry Potter and the Deathly Hallows – Part 2 චිත්‍රපට වලට පසු තුන්වන තැනට පත්වීමෙන්.

එහෙම නම් කතාව පැත්තට හැරෙමු. මේ කතාව ඊතන් හන්ට් ඇතුළු IMF කණ්ඩායම සින්ඩිකේට් කියන හොර සංවිධානය හසුකරගැනීමේ මෙහෙයුමක් වටා. IMF නැත්නම් අශක්‍ය මෙහෙයුම් බලකාය කියන්නේ කලනොහැකි මෙහෙයුම් සිදුකරන රජයේ ඒජන්සියක්. මේ වන විට IMF එක විසිරවලා. ඊතන් කියන්නේ CIA එක විසින් හොයන රහසින් පලායන්නෙක්. ඉතිං සුපුරුදු පරිදි ඊතන්ට බෙන්ජිගේ සහ ලූතර්ගේ උදව් ලැබෙනවා මේ මෙහයුමට. මීඨ අමතරව විලියම් බ්‍රැන්ඩ්ට් නැත් නම් අපි කවුරුත් දන්න Hawkeye ඊතන්ට දැවැන්ත සහයක් ලබාදෙනවා. එල්සා ෆවුස්ට් කියන MI6 නියෝජිතවරියගෙනුත් මේ සින්ඩිකේට් කියන සංවිධානයට සම්බන්ධයි. ඉතිං මේ සින්ඩිකේට් කියන්නේ මොකද්ද, කවුද මේක පිටුපස ඉන්නේ සහ ඊතන් ඇතුළු කණ්ඩායමට සින්ඩිකේට් කොටු කරගන්න පුළුවන් වේවිද කියලා බලන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුරේනි අතුරුගිරි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.4 395,836 votes
TMDb Rating 7.189 8,074 votes
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Tom Cruise isEthan Hunt
Ethan Hunt
Jeremy Renner isWilliam Brandt
William Brandt
Simon Pegg isBenjamin 'Benji' Dunn
Benjamin 'Benji' Dunn
Ving Rhames isLuther Stickell
Luther Stickell
Sean Harris isSolomon Lane
Solomon Lane
Tom Hollander isPrime Minister of the United Kingdom
Prime Minister of the United Kingdom
Jens Hultén isJanik 'Bone Doctor' Vinter
Janik 'Bone Doctor' Vinter

Similar titles

Harry Potter and the Order of the Phoenix (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bhoothnath (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sardar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Others (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Apex (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Zone (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Iceman: The Time Traveler (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Laabam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death Wish (1974) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Last Kingdom: Seven Kings Must Die (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published