What's happening?

Night Hunter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Night Hunter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

When the predator becomes the preyAug. 29, 2019Canada95 Min.
Your rating: 0
8 1 vote

Night Hunter Sinhala Sub
Night Hunter Sinhala Subtitles
Night Hunter (2019) Sinhala Sub
Night Hunter (2019) Sinhala Subtitles

හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන ඔයා තනිකරම ක්‍රියාදාම බලාපොරොත්තු වෙන කෙනෙක් මේක ඔයාට හරියන එකක් නම් නෙවෙයි. හැබැයි ඉතින් පැය එකහමාරක කාලයක් තුල ක්‍රියාදාම, ත්‍රාසය, කුතුහලය පිරුණු නිර්මාණයක් ආසාවෙන් රසවිදින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේක ඒ අයට සුදුසුම නිර්මානයක් වෙන්න පුලුවන්. එච්චර කතාවක් පාට කරගෙන කිව්වේ මොකද කියලා බලමු එහෙමනම්.

මුලින්ම මතක් කරන්න ඕන මේක මේ අවුරුද්දේ කිව්වට මේක ඇත්තටම පසුගිය වසරට අදාළ එකක්. ඒ මොකද කිව්වොත් මේක 2018 වසරේදී සැප්තැම්බර් 28 වැනිදා ලොස්ඇන්ජලීස් චිත්‍රපට උළෙල්දී විතරක් මේක තිරගත කරලා තියෙනවා. එදායින් පස්සෙ ලොවපුරා තිරගත කිරීමට තෝරගෙන මේ වසරේ, ඒ කිව්වේ 2019 වසරේ අගෝස්තු මාසෙදි. David Raymond යටතෙ අධ්‍යක්ෂණය සිදු වුනු මේ සිනමාපටය සදහා ලස්සනම, හිත ඇදීලා යන විදිහෙ ඇස් දෙකකට හිමිකම් කියන Alexandra Daddario හා DCEU විශ්වය තුල රසික හදවත් දිනාගත්ත සුපර්මෑන් චරිතයට පණ පෙවූ Henry Cavill වගේම Titans කතාමාලාවේ ඩොව් චරිතය රගපෑ Minka Kelly කියන තුන්දෙනාගේ එකතුවෙන් මේ සිනමාපටයෙ ප්‍රධාන චරිත නිර්මාණය වෙලා තියෙනවා.

කාලයක් පුරාවටම සිද්ධ වුනු වගේම කවමදාකවත් නීතියට අහු නොවුණු ගැහැණු ළමයින්ව පැහැරගෙන යෑමක් ගැන දිගින් දිගටම කතාවෙන, අහන්න ලැබෙන කාලෙක එක්තරා පොලිස් ලුතිනන් කෙනෙක් එයාගෙ කණ්ඩායම එක්කාසු කරගෙන ගිහින් වැටලීමක් කරලා මේ දේවල් පිටිපස්සෙ ඉන්න මනුස්සයව අල්ලගන්නවා. හැබැයි මේ මනුස්සයව අල්ලගත්තට ඒත් සුපුරුදු පරිදි අපරාධ සිද්ධ වෙන්න පටන් ගන්නවා. අපරාධකාරයා අත්අඩංගුවට අරගෙන ඉද්දි එහෙම නිකන් අපරාධ සිද්දවෙන්නෙ නැහැනෙ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම එයාට උදව් ලැබෙනවා කියන එකනේ. ඉතින් මේ ගැන හොයාගෙන යද්දී පොලිස් නිලධාරින්ට දැනගන්න ලැබෙනවා මේ අපරාධකාරයාගේම තවත් නිවුන් සහෝදරයෙක් ඉන්නවා කියලා. මේ දෙන්නට දෙන්නා අදුන ගන්න විදිහක් තියෙනවා. හැබැයි බැලු බැල්මට පෙනුමෙන් කියන්න නම් බැහැ. ඒ කොහොම වෙන්න ඇති කියලද හිතන්නෙ?

මේ වගේ සිද්ධීන් වෙන අතරේ කාලයක් පුරාවටම උසාවියක නඩු අහපු විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක් තමන්ට හිටිය එකම පවුල ඝානයට ලක් වුනාට පස්සෙ, එයාට උසාවියේදී මුණගැහුණු ගැහැණු ළමයෙක්වත් එකතු කරගෙන ගෑණු ළමයින්ට එන්න කියලා සල්ලි හෝ මොනාමහරි දෙයක් දීලා දුෂණයට ලක් කරන, අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු හොයාගෙන ගිහින් ඒ අයව වද භාවයට ලක් කරලා දඩුවම් ලබා දීමක් කරන් යනවා. මේ දෙන්නට වුනත් තැන් කිහිපයකදී වැඩ වරදිනවා. ඒ නිසාම එක් කෙනෙකුට එක්තරා තැනකදී තමන්ගේ ජීවීතේ පවා අහිමි වෙලා යනවා.

කතාවෙ පසුබිම සදහන් කරලා තියෙන හැමදේම එකිනෙකට හරිම අපූරු විදිහට සම්බන්ධ වෙලා තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. මම ඉතින් කතා කියන්න නම් දක්ෂ කෙනෙක් නම් නෙවෙයි. අරගෙන බලන්න. මේක ඩේටා නාස්ති වෙන කතාවක් නම් නෙවෙයි. කාලින සමාජයෙ වෙන සිදුවීම් වලට හුගක් සම්බන්ධ මාතෘකාවක් ඇසුරු කරන් නිර්මාණය වුන එකක් නිසා හොද මට්ටමේ නිර්මාණයක් කියලා හිතේවි මේක නරඹලා ඉවර වෙද්දී. අද කාලෙ අපිට ඇත්තටම අහන්න දකින්න ලැබෙන දේවල් වලටත් මේ විදිහේ දඩුවම් ලැබුනා නම් කියලා අවසානෙදි නොහිතුනොත් අන්න ඒක පුදුමයක්.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.9 22,977 votes
TMDb Rating 6.463 663 votes
Night Hunter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Night Hunter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Night Hunter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Night Hunter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Night Hunter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Devil Beneath (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bloodshot (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Baarish Aur Chowmein (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Express Raja (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Udanpirappe (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Invitation (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Others (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sniper: Assassin’s End (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Toolsidas Junior (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Teen Wolf: The Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published