What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

A new hero takes shape.Jun. 23, 2023USA101 Min.
Your rating: 0
10 1 vote
Nimona Sinhala Sub
Nimona Sinhala Subtitles
Nimona (2023) Sinhala Sub
Nimona (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Blue Sky Studios කිව්වාම කවුද නොදන්නේ. 20th Century Fox සමාගමට අයිති උපසමාගමක් වන Blue Sky Studios එයාලගේ පළමු ෆිල්ම් එක වෙච්ච Ice Age චිත්‍රපටියෙන්ම ළමා මෙන්ම වැඩිහිටි හදවත් දිනා ගත්තා කිව්වොත් වරදක් නෑ. ඒකෙන් පස්සේ Robots, Ice Age: The Meltdown, Ice Age: Dawn of the Dinosaurs, Ice Age: Continental Drift, Ice Age: Collision Course, Rio, Rio 2 ආදී ලොව ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපට ගහන්න මේ සමාගම සමත් වුණු නිසා හැමෝම අතරේ ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් අද මේ අරගෙන එන්නේ එයාලගේ අන්තිම චිත්‍රපටිය වන Nimona නමින් 2023 ජුනි 30 වෙනිදා නිකුත් වුණු චිත්‍රපටියටයි.

කලිනුත් කිව්වා වගේ මේක තමයි Blue Sky Studios සමාගමේ අවසාන චිත්‍රපටිය. ඒ කොහොමද කියන එක ටිකක් සංකීර්ණ කතාවක්. Disney සමාගම විසින් 2019 අවුරුද්දෙදී 20th Century Fox සමාගම මිලදී ගත්ත බව දන්නවා ඇති නේ. ඉතින් ඒත් එක්කම Blue Sky Studios සමාගමත් Disney එකටම අයිති වුණා. මේ අවුරුද්දේම (2019) Blue Sky ලගේ title card එක තියෙන අවසාන ෆිල්ම් එක වන Spies in Disguise කියන චිත්‍රපටිය Disney සමාගම හරහා රිලීස් වුණා. ඉතින් මේ Nimona කියන්නේ 2015 අවුරුද්දේ ඉඳන් Blue Sky සමාගම තුළ නිෂ්පාදනය වෙමින් තිබුණ චිත්‍රපටියක්. Release delays කීපයකට පස්සේ මෙයාලා කියලා තිබුණේ ෆිල්ම් එක 2022 දී රිලීස් වෙන බවයි. කොහොම නමුත් Disney විසින් 2021 පෙබරවාරි 09 වෙනිදා Blue Sky සමාගම වහලා දැම්මයින් පස්සේ Nimona චිත්‍රපටියත් අවලංගු කරනු ලැබුවා. මේ වෙනකොට Nimona 70%ක් සම්පූර්ණ කරලයි තිබුණේ. ඉතින් Annapurna Pictures නම් ආයතනයක් මේක අරගෙන DNEG Animation හරහා animation සම්පූර්ණ කරලා 2023 දී Netflix හරහා නිකුත් කරනු ලැබුවා.

කතාව උපුටාගෙන තියෙන්නේ ND Stevenson විසින් ලියන ලද Nimona නම් graphic novel එකෙන්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nick Bruno සහ Troy Quane විසින්. චරිතවලට හඬකවන්න Chloë Grace (නිමෝනා), Riz Ahmed (බැලිස්ටර් බෝල්ඩ්හාර්ට්), Eugene Lee Yang (ඇම්බ්‍රෝසියස් ගෝල්ඩෙන්ලොයින්) ආදී බොහොමයක් දායක වෙනවා. චිත්‍රපටිය මේ වෙනකොට 7.7 ක IMDb අහයක් සහ Rotten Tomatoes දර්ශකයේ 92%ක අගයක් අරගෙන තියෙනවා.

කතාව ගැනත් පොඩ්ඩක් කියනවා නම් මේක සිද්ධ වෙන්නේ මධ්‍යකාලීන යුගය සහ අනාගත තාක්ෂණය මුසු වෙලා තියෙන රාජධානියක. මෙයාලා රාජධානිය වටේ විශාල තාප්පයක් ඉදි කරලා නයිට්වරු පරම්පරාවක් පවත්වාගෙන යනවා එයාලට එන රාක්ෂ ප්‍රහාරවලින් මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න. බැලිස්ටර් බෝල්ඩ්හාර්ට් මේ අතරේදී නයිට්වරයෙක් ලෙස පත් වෙනවා. මෙයා විශේෂ වෙන්නේ නයිට්වරු පරම්පරාවෙන් පැවත එන්නේ නැති, සාමාන්‍ය මිනිස්සු අතරේ ඉපදිලා මහන්සියෙන් වැඩ කරලා නයිට්වරයෙක් බවට පත් වෙන පළවෙනි නයිට්වරයා මෙයා වෙන නිසයි. මෙයාට නයිට් පදවිය ලබා දෙන දවසේ, මෙයාට ලබා දෙන කඩුවෙන් එන කිරණයකින් රැජිනව මරණයට පත් කරනවා. ඉතින් මුළු රාජධානියම මෙයාගේ පස්සෙන් පන්නනවා. මේ අතරේ එයා වගේ දුෂ්ටයෙකුගේ sidekick එක වෙන්න කැමැත්තෙන් ඉන්න, රූප මාරු කරන්න පුළුවන් නිමෝනා කියලා (රාක්ෂ) ගෑනු ළමයෙක් මෙයාව හම්බවෙන්න එනවා. ඉතින් ඉතුරු ටික ඔයාලා බලලම හොයාගන්නකෝ.

ෆිල්ම් එක බලාගෙන යනකොට තමයි තේරුණේ මේක සෑහෙන්න විනෝද වෙන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා. ඒවගේම හොඳ සමාජ විවරණේකුත් එක්ක තමයි ෆිල්ම් එක අවසන් වෙන්නේ. එහෙනම් මේ ලස්සන Film එක බලන්න කියලා ආරාධනා කරනවා…

“I don’t know what’s scarier. The fact that everyone in this kingdom wants to run a sword through my heart, or that sometimes… I just want to let them.”

“මම දන්නේ නෑ වැඩියෙන් බය හිතෙන්නේ මොකකටද කියලා. මේ රාජධානියේ ඉන්න හැමෝටම මගේ හදවත කඩුවකින් පසාරු කරන්න ඕන එකද, නැත්නම් සමහර වෙලාවට… මට එයාලට ඒකට ඉඩ දෙන්න ඕන වෙන එකද.”

-Nimona (2023)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.6 25,127 votes
TMDb Rating 7.944 421 votes
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Troy Quane
Director

Cast

Chloë Grace Moretz isNimona (voice)
Nimona (voice)
Riz Ahmed isBallister Boldheart (voice)
Ballister Boldheart (voice)
Eugene Lee Yang isAmbrosius Goldenloin (voice)
Ambrosius Goldenloin (voice)
Frances Conroy isThe Director (voice)
The Director (voice)
Lorraine Toussaint isQueen Valerin (voice)
Queen Valerin (voice)
Beck Bennett isSir Thoddeus Sureblade (voice)
Sir Thoddeus Sureblade (voice)
RuPaul isNate Knight (voice)
Nate Knight (voice)
Indya Moore isAlamzapam Davis (voice)
Alamzapam Davis (voice)
Julio Torres isDiego the Squire (voice)
Diego the Squire (voice)
Sarah Sherman isCoriander Cadaverish (voice)
Coriander Cadaverish (voice)

Similar titles

The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man 3 (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dark Crimes (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Wolf and the Lion (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
xXx: State of the Union (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tomb Raider (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Z (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Transformers: Revenge of the Fallen (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Phantom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jack Reacher: Never Go Back (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published