What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

What happens if it actually works?Oct. 08, 2004USA77 Min.
Your rating: 0
6 1 vote
Primer Sinhala Sub
Primer Sinhala Subtitles
Primer (2004) Sinhala Sub
Primer (2004) Sinhala Subtitles

සුභ දවසක් වේවා හැමෝටම!

ඉතින් සතිඅන්තයේ ගෙදර ඉන්න ගමන් බලන්න තවත් මොලේට සමනල්ගැටේ වැටෙන Time Traveling ෆිල්ම් එකක් අරන් තමයි අදත් ආවේ..

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් මේකට IMDB 6.8 කුත් , Rotten Tomatoes 73% කුත් , ගූගල් පරිශිලක 78% කුත් ලබාගන්න සමත් වෙලා තියන ටයිම් ට්‍රැවලින් වල මාස්ටර් පීස් එකක් කිව්වොත් මම හරි. ඉතින් මේක 2004 රිලීස් වෙලත් තාමත් සිංහල උපසිරැසියක් නොතිබ්බ නිසා මම ගත්තා මේකට Sub එක කරන්න.. ගත්තම තමයි ඒක ලේසි වෙන්නෑ කියලා තේරැනේ. . කවුරැත් සබ් නොකරන්න හේතුවත් මට තේරැනා.. ? ඒ වගේම මේක Drama / Sci-Fi / Thriller ගණයට තමයි අයත් වෙන්නේ.මේක සාමාන්‍යයන් ඔයාලා බලන ටයිම් ට්‍රැවලින් ෆිල්ම් එකක් වගේ නම් නෙමෙයි.. ඒ කියන්නේ ගස් අස්සෙන් ගිහින් වෙන ලෝකෙකට යනවා වත් , නැත්තං ගුහාවක් අස්සට ගිහින් අනික් පැත්තෙන් වෙන ලෝකෙට එනවා , නැතතං ඉබේ කඩා පාත් වෙනවා වගේ නෙමෙයි.. මේක තනිකරම විද්‍යාව පදනම් කරගෙන නිර්මාණය වෙලා තියන ෆිල්ම් එකක්. කොටින්ම මේකේ සබ් එක කරන්න මට AL කෙමෙස්ට්‍රි පවා ඉගන ගන්න වුනා..ඔයාලට බලද්දි තේරෙයි ඒක තියන වචන වලින්ම.. බය වෙන්න එපා ඒවගේ තේරැම මම යටින් දාලා ඇති.. ඒ වගේම මේකේ දෙබස් මම පුලුවන් තරම් සරල කරලා දාලා තියෙන්නේ සාමාන්‍යයන් ලංකාවේ මනුස්සයෙක්ට තේරැම් ගන්න පුලුවන් IQ ලෙවල් එකකට..

ඒ වගේම වැදගත් ම දේ තමයි , ⁣ඔයාලා Dark TV සීරිස් එක බැලුවා නම් මට කියන්න තියෙන්නේ මේක ඊටත් වඩා අතිශය සංකීර්ණයි.. මේකේ හැම කොටසකම තේරැමක් තියනවා සහ හැම වචනෙකම රහසක් හැංගිලා තියනවා.. ඔයාලා මේක බලන් යද්දි කම්මැලියි වගේ කියලා අතඇරලා දාන්න එපා.. එහෙම නැත්තං එක තත්පරයක් වත් මේක යව යව බලන්න යන්න එපා..මේ කතාව ඔයාට අන්තිමට හිතාගන්න බැරි විදිහට ඔලුවට වෙනම කතාව අත ඇරලා දානවා.. බලන මනුස්සයට පිස්සුම හැදෙන්න.. මම මේ කතාව දෙපාරක් බැලුවා..ඒත් මේක තේරැම් ගන්න අමාරැයි මට… මට Sub එක කරද්දි තමයි මට කතාව තේරැනේ සහ මේ ෆිල්ම් එක විස්තර කරලා අන්තර්ජාලයේ තිබ්බ ලිපියක් කියවලයි මම තේරැම් ගත්තේ.. ඔයාලට කතාව නොතේරෙනවා..ඒක 95%කට එහෙමයි.. 5% තමයි සම්භාවිතාව තියෙන්නේ මේක තේරැම් ගන්න. එහෙම බැරි වුන අය⁣ මේ LINK එකෙන් ගිහින් ඒ ආර්ටිකල් එක කියවන්න.. ආටිකල් එක කියෙව්වම තේරෙයි මේක කොච්චර සුපිරිද කියලා..මේක ඉතින් එක පාරින් තේරැම් ගත්තා කියන්නේ ඔයා සුපිරි වැඩ්ඩෙක්..??

කතාව පැත්තට ගියොත් අපිට ඉන්නවා යාලුවෝ හතර දෙනෙක්.. ආරෝන් , අබේ , පිලිප් සහ රොබට්. මෙයාලා AI ඉන්ජිනේරැවෝ.. මෙයාලගේ රස්සාව තමයි පොඩි පොඩි ගැජට් කෑලි හදලා සාමාන්‍යය මිනිස්සුන්ට විකුණන එක.. මේක කරන්නේ මෙයාලා ඉතාම පොඩියට ආරොන්ගේ ගෙදර ගරාජ් එකක.. මෙයාලට කොහොම මේක කරත් සල්ලි ප්‍රශ්න නම් හොදටම තියනවා..ඉතින් දවසක් මෙයාලා අතර තර්කයක් යනවා මේවා හද හද ඉදලා හරියන්නෑ..වෙන මොකක් හරි වැඩකට අත ගහන්න ඕන කියලා.. ඉතින් ඕකෙන් පස්සේ අපේ ප්‍රධාන චරිත දෙක වෙන ආරොන් සහ අබේ හදනවා ද්‍රව්‍යක ස්කන්ධය අඩු කරන්න පුලුවන් මැෂින් එකක්…මෙතිනන් පස්සේ තමයි මේ සේරම කනපිට⁣ පෙරලෙන්න පටන් ගන්නේ හිතාගන්න වත් බැරි විදිහට.. ඉතින් මොකද්ද මේ මැෂින් එක, ඒකෙන් කොහොමද කාලය හරහා යන්නේ, මේක වැඩ කරයි ද, මෙයාලා මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද… ඒ වගේම මෙයාලා ට මේකෙන් ලැබෙන අදුරැ ප්‍රතිවිපාක ගැන බලාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.. අතීතය වෙනස් කරාම ඒවා වර්ථමානය බලපාන විදිහ , අතීතයයි වර්ථමානයයි අතර තියන ඒ භයානක කම අපිට බලාගන්න පුලුවන් මේකේ.. ඒ වගේම මේකේ තුන්වෙනි පාර්ශවයකුත් ඉන්නවා.. බලන්න ඔයාලට හිතාගන්න පුලුවන් වෙයි ද කියලා කවුද මේ තුන්වෙනි පාර්ශවය කියලා.. ??

ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා ඔයාලගේ අත්දැකීම මේ ෆිල්ම් එකත් එක්ක?

එහෙනම් ආයෙත් මේ වගේ සුපිරියක් අරන් ආය එනකම් හැමෝටම සුභ දවසක්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.8 110,700 votes
TMDb Rating 6.796 1,913 votes
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Jay Butler isMetalshop Worker
Metalshop Worker
John Carruth isMan On Couch #1
Man On Couch #1
Juan Tapia isMan On Couch #2
Man On Couch #2
Samantha Thomson isRachel Granger
Rachel Granger

Similar titles

The Larva Island Movie (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Desperado (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Manmadhudu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Now You See Me 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Knock at the Cabin (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ditched (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bullet to the Head (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thirteen Lives (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published