What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

She can tell her best friend anything, except this one thingMay. 11, 2018United Kingdom105 Min.
Your rating: 0
7 2 votes
The Kissing Booth Sinhala Sub
The Kissing Booth Sinhala Subtitles
The Kissing Booth (2018) Sinhala Sub
The Kissing Booth (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සමහර යාලුකම් තියෙනවා පොඩි කාලේ ඉදලම පවත්වන් යන, අදටත් හොදම යාලුවෝ වෙලා ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. යාලුවෝ වෙනවා කියන්නේ ගෑනු පිරිමි භේදයකින් තොරව පවත්වයන් යන්න පුලුවන් දෙයක්. මං කිව්වේ ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක්ව තමන්ගේ හොදම යාලුවා කරගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. කොටින්ම බලන් ඉන්න මොකක් කිව්වත් ඒක අපිට අදාලම නැහැ. මොකද ඒක තමන්ගේ නිදහස. එල් වගේම ලී කියන්නේ ඒ වගේ දෙන්නෙක්. මේ දෙන්නා ඉපදෙන්නේ එකම රටක, එකම රෝහලක, එකම වෙලාවේදී. මේ දෙන්නා පොඩි කාලේ ඉදන්ම හුගක් හිතවත්. කොටින්ම ගෙවල් වලින්වත් කිසිදු බාධාවක් මේ දෙන්නට ඇති වෙන්නේ නැහැ. මේ නිසාම මේ දෙන්නා ඒ දෙන්නගේ ජිවිතේ පොඩි කාලෙදි ගත කරන කාලෙදි වගේම ලොකු වෙලා පාසල් යද්දිත් පවා ඒකටම වගේ ඉන්නේ. එල්ට ඉස්කෝලේ කෙල්ලන්ගෙන් ලොකු කැපිල්ලක් තියෙනවා.මේ නිසාම එයාට ගෑනු යාලුවො ඇත්තෙත් නැහැ. ලී කියන්නේ එල්ට වදාඅ පොහොසත් වුනත් ලී අදින පළදින විදිහ නිසා එයාට කියලා වැඩි තැනකුත් නැහැ. ලී ෆ්ලින් කියන්නේ ෆ්ලින් පවුලේ දෙවැනි දරුවා. ලීට ඉන්නවා වැඩිමහල් අයියා කෙනෙක් නෝහා කියලා. නමුත් එයාට නම්ඉස්කෝලේ හොද තැනක් තියෙනවා. විශේෂයෙන්ම ලස්සන කෙල්ලන්ගෙන්.

ලී වගේම එල් දෙන්නට තියෙනවා එයාලගෙම කියලා නීති ගොඩාරියක්.ඒ නීතිවල නමවැනි නීතිය තමයි මේ දෙන්නට ආදරේ කරන්න කාව තෝරගන්න පුළුවන් වුනත් තමන්ගේම පවුලේ සහෝදර සහෝදරයින්ව තෝරගන්න බැහැ කියලා. ඒවගේම යාලුවන්ව තෝරගන්නත් බැහැ. මොන එහෙකට එහෙම නීතියක් දැම්මද කියලා නම් දන්නේ නැහැ. එල් නම් පොඩි කාලේ ඉදලම නෝහාට කැමැත්තෙන් ඉදලා තියෙන්නේ. නමුත් නීති නිසා එයාට මේක බාධාවක් වෙලා තියෙනවා. දවසක්දා ඉස්කෝලේ අරමුදල් එකතු කරන වැඩකට ලී වගේම එල් යෝජනා කරනවා කිසින් බූත් එකක් නොහොත් සිපගන්න කුටියක් නිර්මාණය කරන්න. මේකෙදි වෙන්නේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් වේවා තමන්ට අවස්ථාවක් ලැබෙනවා අහම්බෙන් කෙනෙක්ව සිපාන්න. සැලසුම් නොකරපු විදිහට එල්ට අවස්ථාවක් ලැබෙනවා නෝහාව සිපගන්න. මේ සිපගැනිල්ලෙන් තමයි සැහෙන දේවල් පටන් ගන්නේ. අර කතාවක් තියෙනවනේ මොනවා හැංගුවත් තව කෙනෙක්ට තියෙන ආදරේ වහන් කරන්න බැහැ කියලා. කතාව රසවත් නිසා මම කතාවේ මොකක්ද වෙන්නේ කියලා මින් ඉදිරියට කියන්න යන්නේ නැහැ.

මම දන්නවා ඔයාලා මේ වෙද්දීත් දන්නවා ඇති කියලා Netflix කියන්නේ මොකක්ද කියලා. ඔව් ඔයාලා ආදරය කරන කතාමාලා වගේම චිත්‍රපට රැසක් මේ වෙද්දී නිර්මාණය කරපු Netflix ලගේ චිත්‍රපටයක් තමයි මේක. මේක එයාලගේ සේවය හරහා විකාශය වීම ආරම්භ කරන්නේ 2018 මැයි 11’වැනිදා. අධ්‍යක්ෂණය වගේ තිරපිටපත්වල වැඩ කටයුතු වෙන්නේ Vince Marcello අතින්. ඒවගේම තිරපිටපත්වල වැඩ වලට තවත් කෙනෙක් එකතු වෙනවා කාන්තා පාර්ශවයෙන් Beth Reekles කියලා. මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි 2012 දෙසැම්බර් 13 වැනිදා නිකුත් වුන Beth Reekles විසින් රචනා කල නවකතාවක් වන The Kissing Booth නම් පොත පාදක කරන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. The Dark Knight Rises (2012), The Conjuring (2013), White House Down (2013), Independence Day: Resurgence (2016) වගේ ජනප්‍රිය චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ Joey King තමයි මේ චිත්‍රපටයේ ශෙලී එල් එව්න්ස්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ. ඒවගේම Netflix ලගෙම පසුගිය වසරේ චිත්‍රපටයක් වූ F*&% the Prom (2017) චිත්‍රපටයෙන් වගේම CW නාලිකාවේ විකාශය වුණු The Messengers රූපවාහිනී කතාමාලාවෙන් පවා රංගනයෙන් දායක වුනු Joel Courtney තමයි මේ චිත්‍රපටයේ ලී ෆ්ලින් වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නේ. ඒවගේම Jacob Elordi කියන රංගධරයා තමයි නෝහා ෆ්ලින් කියන චරිතයෙන් දායක වෙලා තියෙන්නේ. පැයකුත් විනාඩි හතලිස් පහකුත් පුරාවටම ධාවනය වන මේ චිත්‍රපටය Comedy, Romance කියන කැටගරි වලට අයත් වෙනවා. ඒවගේම චිත්‍රපටය විකාශය වූ දවසෙ ඉදන් මේ වෙනකන්ම 6.6/10 වගේ IMDb සෑහිමට පත්වෙන්න පුලුවන් අගයක් ලබාගෙන තියෙනවා.

එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමර සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.9 89,043 votes
TMDb Rating 7.236 6,888 votes
The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Joey King isElle Evans
Elle Evans
Joel Courtney isLee Flynn
Lee Flynn
Jacob Elordi isNoah Flynn
Noah Flynn
Molly Ringwald isMrs. Flynn
Mrs. Flynn
Carson White isBrad Evans
Brad Evans
Nathan Lynn isYearbook Guy
Yearbook Guy

Similar titles

Friend Request (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Zone (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tax Collector (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thor: Love and Thunder (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Penance Lane (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Enola Holmes (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
When Angels Sleep (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Knives Out (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Relic (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rambo: Last Blood (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published