What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3 (720p)
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Higher. Further. Faster. Together.Nov. 08, 2023USA105 Min.
Your rating: 7
8.5 2 votes
The Marvels Sinhala Sub
The Marvels Sinhala Subtitles
The Marvels (2023) Sinhala Sub
The Marvels (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මුලින්ම, සුබ නත්තලක් වේවා හැමෝටම! හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. කට්ටිය ෆෙස්ටිව් ස්පිරිට් එකෙන් ඉන්න දවසේ ඔන්න අරං ආවා THE MARVELS…

එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ. 2019 අවුරුද්දේ Avengers: Infinity War වලින් Avengers: Endgame ෆිල්ම් එකට ඇතිවුණු අතිවිශාල හයිප් එක අතරේ රිලීස් වුණු ෆිල්ම් එකක් තමයි Captain Marvel (2019) කියන්නේ. මේකේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ තැනෝස් එක්ක කරට කර යන්න පුළුවන්, කෙවින් ෆයිගී කියන විදියට ‘මාවල්හි බලවත්ම සුපිරිවීරයා’ කියන Captain Marvel ව හඳුන්වා දීමයි. ෆිල්ම් එකේ කොලිටිය නම් හොඳටම මදි වුණත් හයිප් එක නිසා සෑහෙන ආදායමක් ඉපැයුවා කියාන් එක තමයි මාත් ඇතුළුව ගොඩක් අයගේ අදහස. ඉතින් මේ අරගෙන එන්නේ ඒකේ දෙවෙනි ෆිල්ම් එක: The Marvels.

ෆිල්ම් එකේ female superheroes ලා තුන් දෙනෙක් ඉන්නවා: කැප්ටන් මාවල්, මිස් මාවල් සහ කැප්ටන් මොනිකා රැම්බෝ. කැප්ටන් මාවල්ව ඉහත කී ෆිල්ම් එකෙනුත්, මිස් මාවල්ව Ms. Marvel ටීවී සීරිස් එකෙනුත්, මොනිකා රැම්බෝව Wandavision එකෙනුත් හඳුන්වා දෙනු ලැබුවා. කතාව තේරුම් ගන්න ඒ ඔක්කොම බලලා තියෙන්න ඕනේ නෑ. පළවෙනි කැප්ටන් මාවල් ෆිල්ම් එක ටිකක් මතක නම් ඇති.

ෆිල්ම් එකට දැනට IMDb දර්ශකයේ 5.9 ක අගයක් ලැබිලා තියෙනවා. චරිතවලට පණපොවන්න Brie Larson (කැරොල් ඩැන්වර්ස්), Teyonah Parris (මොනිකා රැම්බෝ), Iman Vellani (කමාලා ඛාන්), Samuel L. Jackson (නික් ෆියුරි), Zawe Ashton (ඩාර්-බෙන්) ආදිය රංගනයෙන් දායක වෙනවා. මේක අයිති වෙන්නේ Action, Adventure, Fantasy ගණයටයි. ෆිල්ම් එකේ ඔරිජිනල් ඩිජිටල් කොපිය එන්න තියෙන්නෙ 2024 ජනවාරි 09 වෙනිදා.

ෆිල්ම් එකේ කතාව යන්නේ මෙහෙමයි. කැප්ටන් මාවල් ගිහින් “උත්තරීතර බුද්ධිය” හෙවත් Supreme Intelligence එක විනාශ කළාට පස්සේ සිවිල් යුද්ධයක් ඇවිලිලා Hala වලට ස්වභාවික සම්පත් නැතුව යනවා. අඩු තරමේ වාතයවත් හුස්ම ගන්න සුදුසු වෙන්නේ නෑ. මහා නියඟයක් පැතිරෙනවා. තමන්ගේ මිනිස්සුන්ව මේකෙන් බේරගන්න සහ තමන්ව මේ ඉරණමට පත් කරපු “විනාශ කරන්නිය” හෙවත් කැප්ටන් මාවල්ගෙන් පළිගන්න හිතාගෙන ක්‍රී අධිරාජ්‍යයේ නායිකාව වන ඩාර්-බෙන්, කැප්ටන් මාවල් ආදරය කරන අය ඉන්න ලෝකවල තියෙන භෞතික සම්පත් පැහැර ගන්නවා; ජලය, වාතය, සූර්යයා වගේ දේවල්.

එයා මේක කරන්නේ ජම්ප් පොයින්ට්ස් (wormholes) හරහායි. කැප්ටන් මාවල් සහ කැප්ටන් රැම්බෝ මේ ජම්ප් පොයින්ට්ස් ස්පර්ශ කිරීම නිසා එයාලා දෙන්නගේ සහ මිස් මාවල්ගේ බලයන් පටලැවෙනවා. මේ හේතුවෙන් එයාලා තමන්ගේ බලයන් පාවිච්චි කරන වෙලාවට එයාලගේ තැන් මාරු වෙනවා. ඉතින් මේ වගේ තත්වයක් තියාගෙන මුළු විශ්වයම අවධානමේ දාගෙන, කැප්ටන් මාවල්ගෙන් එයා ආදරේ කරන අයව උදුරගන්න හදන මේ දුෂ්ටයාව පරද්දන්න කැප්ටන් මාවල්ට පුළුවන් වෙයිද?

මේක පළවෙනි ෆිල්ම් එකට වඩා නම් හොඳ බව නම් කියන්න ඕනේ. මං වෙන මොකුත් නොකියා ඉන්නම්. පළවෙනි ෆිල්ම් එකට වඩා හොඳයි කියලා masterpiece එකක් බලාපොරොත්තුවෙන් ෆිල්ම් එක බලන්නත් එපා. ඒවගේම ෆිල්ම් එකට ෆෙමිනිසම් ගැන චෝදනා එල්ලවෙනවා. ඒත් අපි ඒවා ගැන නොහිතා bias නැතුව ෆිල්ම් එකක් විදියට ෆිල්ම් එක බලමු නේද?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

13

[Baiscope.LK]
IMDb Rating 5.9 64,798 votes
TMDb Rating 6.5 728 votes
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Peng Zhang
Director

Cast

Brie Larson isCarol Danvers / Captain Marvel
Carol Danvers / Captain Marvel
Teyonah Parris isMonica Rambeau
Monica Rambeau
Iman Vellani isKamala Khan / Ms. Marvel
Kamala Khan / Ms. Marvel
Zawe Ashton isDar-Benn
Dar-Benn
Gary Lewis isEmperor Dro'ge
Emperor Dro'ge
Park Seo-jun isPrince Yan
Prince Yan
Zenobia Shroff isMuneeba Khan
Muneeba Khan
Mohan Kapur isYusuf Khan
Yusuf Khan
Saagar Shaikh isAamir Khan
Aamir Khan

Similar titles

Max Reload and the Nether Blasters (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chanakya (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Emergency Declaration (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Godse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sardaar Gabbar Singh (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Batman (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Blackout (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Family Plan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published