
Tolkien Sinhala Sub
Tolkien Sinhala Subtitles
Tolkien (2019) Sinhala Sub
Tolkien (2019) Sinhala Subtitles
“ටොල්කීන් සහ බිරිඳ ඊඩිත්”
හොබිට් හෝ ලෝඩ් ඔෆ් ද රිංග්ස් බලනකොට කෙනෙක්ට නිකමට හරි නොහිතුනා නම්, “මනුස්සයෙකුගේ හිතේ මේ තරම් චමත්කාරවත් කතාවක්, වෙනම ලෝකයක්, ගොඩ නැගුනේ කොහොමද” කියල, ඒ කෙනා හරියට ඒ කතා දෙකම බලල නැහැ, ඒ කතාවල ජිවත් වෙලා නැහැ. මේ අරගෙන ආව සිනමාපටය වෙන් වෙන්නේ J. R. R. Tolkien එහෙම නැත්නම්, ජෝන් රොනල්ඩ් රුවෙල් ටොල්කීන් වෙනුවෙන්. ඔහු තමයි මිඩ්ල්-අර්ත් නමැති මනඃකල්පිත ලෝකය තමන්ගේ මනසින් නිමැවුම් කල මිනිසා. මාටිං වික්‍රමසිංහයන් කොග්ගල නොයිපදුනා නම් අපිට ඒ වගේ සාහිත්‍යධරයෙක් මගහැරෙන්න ඉඩ තිබ්බා, එතුමන්ගේ සාහිත්‍යය නිර්මාණ ඇසුරු කරපු ඕනම කෙනෙක්ට අනිවාර්යෙන්ම ඒක හිතිලා ඇති එක මොහොතකට හරි. ඒ වගේම තමයි දකුණු අප්‍රිකාවේ ඉපදෙන ටෝල්කින්, තම පියාගේ අභාවයත්, එංගලන්තයට පැමිණීමත්, සාහිත්‍යය ඇසුරින් තමන්ට අරුම පුදුම ලෝකයක් මවා පෙන්වපු, තමන්ගේ බුද්ධිය පෝෂණය කරපු තමන්ගේ මව නොසිටියා නම්, ඇයද වැඩි කල් නොගොස් මෙලොවින් සමුගෙන ගොස් ටෝල්කින් සහ ඔහුගේ බාල සොයුරා මේ ලෝකේ තනි නොවුනා නම්, කිං එඩ්වර්ඩ් කොලිජියේදී ලෝඩ් ඔෆ් ද රිංග්ස්හි එන සෑම් වැනි මිතුරන් හමු නොවුනා නම්, බියකරු ලෝකය යුද්ධය අඳුරු සෙවනැලි වලින් ඔහුගේ මනස නොපිරෙව්වා නම්, හද ගත් පෙම්බරිය ඊඩිත්ව හමු නොවුනා නම්, අපිට මේ වගේ අපුරු ලෝකයක සැරිසරන්න අවස්ථාව නොලැබෙන්න ඉඩ තිබ්බ. කෙනෙක්ට ඒ තරම් පරිකල්පනයක් ලැබෙන්න මේ දේවල් හේතු වෙන්නෙ කොහොමද කියල හොඳට පැහැදිලි වෙයි සිනමාපටය නරඹමින් ඉදිරියට යනකොට. මේ සිනමාපටය ඇවිල්ලා හදවතින් විඳිමින් නැරඹියයුතුම එකක් නිසාවෙන් මම කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. මොකද සම්පුර්ණ කතාවම විනාඩියක් නෑර ඔයාල බලන්නම ඕන නිසාත්, ටොල්කීන් ගැන හැම දෙයක්ම වගේ සිනමාපටය තුලදී කියැවෙන නිසාත්.
මව්පිය සෙනෙහස අහිමිවෙන ටොල්කීන්ට තරුණ කාලයේදී සුන්දර පෙම්බරියක් හමුවෙනවා, ඇය තමයි ඊඩිත්. මේ දෙන්නම අනාථයින් විදියට එකම ගෙදරක හැදී වැඩෙන්නේ. කාලයත් එක්ක මේ සම්බන්ධය දුරදිග යනවා සහ ටොල්කීන් ඇයව අත්හරින්න තීරණය කරනව, හැබැයි ජිවිතේ අතරමගදී දෙන්න ආයෙමත් එකතු වෙනව ඒ එකතුවීම මාරයා හමුවේ නිම කරමින් 1971දි ඊඩිත් මිය යනවා, ඊට හරියටම වසර දෙකකට පසුව 1973දි ටොල්කීන් මිය යනව. මේ දෙදෙනාගේ සොහොන් ස්ථම්භයේ විශේෂ නම් දෙකක් සටහන් වෙනව. මිඩ්ල්-අර්ත් සිටි එල්ව්ස් කුමරියක හා පෙමින් වෙළුන අමරණිය මනුෂ්‍යයෙකු පිලිබඳ කතාවක් මේ කතාව ලෝඩ් ඔෆ් ද රිංග්ස් හි සිදුවෙන සිදුවීම් වලට පෙර කාලයට දිවෙනව. නමින් Beren and Lúthien. ඉතිං ඔවුන් දෙදෙනාගේ ළමයි විසින් ඔවුන් දෙදෙනා මරණයෙන් පසුත් එක්ව සැතපීම උදෙසා දෙදෙනාටම පොදු වූ සොහොන් ස්ථම්භයක් සාදනවා. එහි ඊඩිත්ව, අමරණිය එල්ව්ස් කුල්මරිය ලුතියන් ලෙසත්. ඇය හා පෙමින් වෙළුන අමරණිය නොවන මනුෂ්‍යයා වන බෙරෙන් ලෙසින් ටොල්කීන්වත් සඳහන් කර තිබෙනවා.
ටොල්කීන් සහ ඊඩිත් වෙනුවෙන් තැනු පොදු සොහොන් ස්ථම්භය.
Dome Karukoski නමැති සයිප්‍රස් ජාතික අධ්‍යක්ෂකවරයෙකුගේ අධ්‍යක්ෂණයෙන් තමයි මේ සිනමාපටය නිමවෙන්නේ. මේක ඔහුගේ පළමු ඉංග්‍රීසි සිනමාපටය. ඒ වගේම තිර පිටපත රචනා වෙන්නේ David Gleeson, Stephen Beresford දෙදෙනා විසින්. ප්‍රධාන චරිතය වෙන ටොල්කීන්ගේ චරිතයට දායක වෙන්නේ, X-Men හි Hank / Beast ලෙසත්, Warm Bodies හි R ලෙසත්, Mad Max: Fury Road හි Nux ලෙසත් රංගනයෙන් දායක වුණ Nicholas Hoult. ඒ වගේම ප්‍රධාන නිළිය වෙන්නේ මට නම් එමා වොට්සන් ඉදිරියේ විතරක් දෙවැනි වෙන, සුරඟන Lily Collins ඉතිං ප්‍රධාන වශයෙන් මේ පිරිස දායක වෙලා තියෙන මේ සිනමාපටයට ප්‍රේක්ෂක ප්‍රතිචාර වශයෙන් imdb 6.8ක අගයක් ලැබෙනව. එහෙම නම් ඉතිං මෙතැන් පටන් මේ සිනමාපටයත් ඔයාලට බාරයි. ආයේ දවසක මුණගැහෙමු. ගිහින් එන්නම්, පරිස්සමින් ගෙදර ඉන්න. ජයෙන් ජය!
Options | Quality | Size | Clicks |
---|---|---|---|
HD 720p | 1.07 GB | 91 | |
SD 480p | 641 MB | 70 |
Options | Quality | Size | Clicks |
---|---|---|---|
HD 720p | 1.07 GB | 62 | |
SD 480p | 641 MB | 72 |
Options | Quality | Size | Clicks |
---|---|---|---|
Subtitles | ---- | 68 |