What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sep. 07, 2018127 Min.
Your rating: 0
6 1 vote
Torchlight Sinhala Subtitles
Torchlight (2018) Sinhala Subtitles
Torchlight is an upcoming Tamil Movie.

සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ හතරවෙනි සබ් එක අරං ආවා. හතරවෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ, දමිල චිත්‍රපටයක්. ඒ තමා 2018 දි ආපු Drama Thriller කාණ්ඩයට අයත් Torchlight චිත්‍රපටය. මට හිතෙනවා මේකත් හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් එකක් කියාලා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Sadha. ඇත්තටම මේක එයාගෙ චිත්‍රපට වලින් තවත් අභියෝගාත්මක චිත්‍රපටයක් කියාල කියන්න පුළුවන්. මේකෙ සෙසු චරිත රගපාන්නේ Riythvika, Thirumurugan, Varun Udhay යන අයයි. ඇත්තටම මේ ෆිල්ම් එක කාන්තා මූලික චිත්‍රපටයක්. 1990 දශකය වකවානුයේ තමිල්නාඩුවේ ආන්ද්‍රා ප්‍රදේශ්වල මාර්ග වල සිදුවූ සත්‍ය සිදුවීම් මේ සිනමා පටයට දායක කරගෙන ඇත . මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය,නිෂ්පාදනය හා තිර රචනය සිදු කලේ Abdul Majith විසින්.

ඉතිං මේ ෆිල්ම් එක මූලිකව කතා කරන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගැන හා ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධවයි. ඉතිං කියන්න ඕනෙ මුලින්ම මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් කියාලා.

සෑම කාන්තාවක්ම ගණිකාවක් නොවේ, නමුත් සෑම ගණිකාවක්ම කාන්තාවක්. ඇයි කාන්තාවක් ගණිකාවක් බවට පත් වන්නේ?. ඕකට ගොඩාක් ලොකු විචාර දෙන්න අවශ්‍ය නෑ කියාලා හිතනවා. මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලට ඒකට හේතු හොයාගන්න පුළුවන්.

ඉතිං දැන් කතාව දෙසට හැරෙමු. කතාවෙ පොඩි ඉගියක් දෙන්නම්.සම්පූර්ණ කතාව කිව්වොත් වැඩක් නෑ කියාලා හිතනවා. කතාව දිග හැරෙන්නේ නිලා(Sadha) නම් කාන්තාව වටායි. ඇය දියනියක්, බිරිදක් ලෙස තම වගකීම් හොදින් ඉටු කල කෙනෙක්. ඒත් ඇයගේ සැමියා ශන්මුගන් සමග ඉතා කටුක දිවි පෙවතක් ගෙවන කෙනෙක්. නමුත් දිනක් හදිස්සියේම සැමියට ද සැත්මක් කරන්න වෙනවා. ඒකට හුගාක් සල්ලි හොයන්න වුනා. ඒත් ගෙවූ කටුක ජීවිතය නිසා එවැනි මුදලක් හොයාගන්න අපහසු වුනා. ඉතිං මේ මුදල් සොයාගන්න ඇය කරන්නේ කුමක් ද?. ඉතිං ඒ මුදල් හොයාගන්න කරන දෙයින් ඇයට මේ මුදල හොයාගෙන තම සැමියව බේරා ගන්නට හැකි වුනි ද?. සැමියව බේරගන්න බිරිද කල රැකියාව දැනගත් පසු සැමියා හා බිරිද අතර ඇති සම්බන්ධයට කුමක් සිදු වේද?.

ඉතිං ඒ ගැන දනගන්න නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න. මේ ෆිල්ම් එක බැලුවම ඔයාට තේරේවී තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් කාන්තාවකට කැප කල නොහැක්කක් මේ ලෝකෙ තිබේ ද කියාලා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිදු හේෂාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
TMDb Rating 6 1 votes
Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Torchlight (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vaathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Awe! (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Made In China (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Girl in the Box (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Transformers (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocky (1976) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sardar Udham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Woody Woodpecker (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published