Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Nov. 30, 2023
Your rating: 0
8 10 votes

Seasons and episodes

1Season 1 Nov. 30, 2023

Synopsis

Dhootha Sinhala Sub
Dhootha Sinhala Subtitles
Dhootha (2023) Sinhala Sub
Dhootha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සාගර් වර්මා අවුදූරි තරුණ මාධ්‍යවේදියෙක්. එයා පුවත්පත් සමාගමක් එක්ක එක් වෙලා “සමාචාර්”(පුවත්) නමින් අලුත්ම පුවත්පතක් පටන් ගන්නවා. සමාචාර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ විදියට සාගර්ව පත් කරනවා. අද දිනය 2022- 11 – 09. සාගර් සමාචාර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ තනතුරට පත් වීම වෙනුවෙන් සාදයක් සූදානම් කරලා තිබුණා. සාදය හමාර වෙලා සාගර් එයාගේ බිරිඳ, දරුවා, බල්ලා ‘ඒයි’ එක්කගෙන ගෙදර යනවා. යන මගදි කාර් එක නතරවෙනවා. ඒ වෙලාවේ ගෙන්න ගන්න කැබ් එකක් නැති නිසා සාගර්ගේ යාළුවා අමෘතාගෙන් වෙනත් කාර් එකක් ගෙන්වා ගන්න උදවු ඉල්ලනවා. කාර් එක එනකල් ළඟම තිබුණ ඩම් ඩම් ධාබා හොටෙල් එකට ගිහින් කෑම අරගෙන එන්න සාගර් කාර් එකෙන් බැහැලා හෝටලයට ගොඩ වුණා. එතනදී අහම්බයෙන් සාගර්ට හරස්පදයක් (ප්‍රෙහෙලිකාවක්) තිබුණ පත්තර කොල කෑල්ලක් හම්බවෙනවා. මේකේ එක පේළියක් ඇරෙන්න අනිත් ඔක්කොම පුරවලා තිබුණා. ඉතිරි පේළිය පුරවන්න සාගර් ඉඟිය කියවන්න ගත්තා. “2022-11-9 දින රාත්‍රී 10:45:33 ට, ඩම් ඩම් ධාබා ඉදිරියේ සිදු වූ රිය අනතුරින් මිය ගිය, ප්‍රසිද්ධ මාධ්‍යවේදී සාගර් වර්මා අවුදුරිගේ බල්ලාගේ නම මොකක්ද?”

මේක දැකපු සාගර් තිගැස්සුණා. ආයේ ආයෙත් කියවලා බැලුවා. එයාගේ බල්ලට නමක් දාන්න හිටියත් ඒයි කියලා කතා කරලා පුරුදු වෙලා එයාට ඒයි කියන නම දාලා තිබුණා. ඒත් මේ හරස් පදයේ ඒ පේළිය පුරවන්න නම් අකුරු 2ක් නෙවෙයි 6ක් තියෙන්න ඕන. මේ අතරෙදි වතුර බෝතලයක් ගන්න කියන්න අමතක වුණ නිසා ප්‍රියාත් හෝටලය ඇතුලට එනවා. සාගර් තුෂ්ණිම්භූත වෙලා ඉන්න හැටි දැකලා ප්‍රියා එයාගෙන් මොකද කියලා අහනවා. මේ අනතුර සිද්ධ වුණ දිනය හරියටම අද දවසේ. හෝටලයේ තිබුණ ඔරලෝසුවේ වෙලාව 10:45:24 විදියට සටහන් වෙලා තිබුණා. අනතුර සිද්ධ වුණා කියලා සඳහන් වෙලා තිබුණ වෙලාවට තවත් තත්පර කීපයයි. කාර් එක ඇතුලෙ හිටියේ අංජලීයි, ඒයි විතරයි. හරියටම 10:45:33ට ටිපර් එකක් අධික වේගයකින් ඇවිත් සාගර්ගෙ කාර් එකේ වැදුණා. කාර් එක විසි වෙලා ගිහින් බෑවුමකින් පහළට පෙරලිලා ගියා. ටිපර් එකේ ඩ්‍රයිවර් ඒ වෙලාවෙම එතනින් පැනලා ගියා. සාගර් අංජලීව බලන්න එක හුස්මටම දුවගෙන ගියා. පෙරළුණු කාර් එක ඇතුලේ ලේ විසිරිලා ගිහින් තිබුණා. වාසනාවකට වගේ අංජලී ඒ වෙලාවේ කාර් එක ඇතුලෙ ඉඳලා නැහැ. කොහොම වුණත් එයාගේ බල්ලා ඒයි මැරිලා තිබුණා. සාගර් මේක එයාලව මරන්න කරපු සැලැස්මක් කියලා විශ්වාස කළා. පොලිසියට ඒ ගැන පැමිණිල්ලකුත් භාර දුන්නා. පොලිසිය කළුවරේ, ඊටත් වැස්සෙම ටිපර් ඩ්‍රයිවර්ව හොයන්න ගත්තා. කොහොම හරි ඩ්‍රයිවර්ව පොලිසියට අහුවෙනවා.

පහුවදා උදේ කාර්යාලයට යන්න ලැහැස්ති වෙද්දි අංජලී සාගර්ට කියනවා තාත්තේ අපි ඒයිට “හිපපොටේමස්” කියන නම දාමු කියලා. එතකොටයි සාගර්ට මතක් වුණේ හරස්පදයේ තියෙන නමේ අකුරු දෙකකට වඩා තිබුණා කියලා. සාගර් ආයෙත් ඩම් ඩම් ධාබා හෝටලයට ගිහින් ඒ පත්තර කොලය හොයාගෙන පුරවනවා. එතනට හිපපොටේමස් කියන වචනය හරියටම ගැලපුණා. ඒ අතරෙදි සාගර්ට එයාගේ කාර් එක සේවා කරන්න බාර දුන්න සර්විස් සෙන්ටර් එකේ මැකෑනික්ගෙන් කෝල් එකක් ලැබුණා. අත්‍යාවශ්‍ය කාරණාවක් ගැන කියන්න සර්විස් සෙන්ටර් එකට එන්න කියලා කිව්ව නිසා ගිහින් මොකද කියලා බැලුවා. සාගර්ගෙ කාර් එකේ තෙල් ටැංකියේ හිලක් හදලා තියෙනවා. කවුරු හරි තරහකාරයෙක් කරපු වැඩක් වෙන්න ඇති කියලා මැකෑනික් කියනවා. මේවා කවුරුහරි සැළසුම් කරලා කරපු වැඩක්ද? මේවා කරන්නෙ කවුරුද? මේ විදියට අවාසනාවන්ත සිද්ධියක් වෙන්න කලින් පත්තරයක ඒ ගැන පළ වෙන්නෙ කොහොමද? සාගර්ගේ ජීවිතයට මේ අනාවැකි මොන විදියට බලපාවිද?

දෙසැම්බර් 1 දා නිකුත් කරපු මේ කතා මාලාව කොටස් 8කින් යුක්තයි. මේක ඇමසන් ප්‍රයිම් හරහා තෙළිඟු භාෂාවෙන් නිකුත් වුණ Neo Noir(Dark Film), Cime, Thriller කාණ්ඩයට අයත් කතා මාලාවක්. ඉතින් මේ කතා මාලාවට නාගා චෛතන්‍යා, ප්‍රියා භවානි ශංකර්, පාර්වතී තිරුවෝතු, ප්‍රචි දේසායි, පසුපති, රවීන්ද්‍රා විජයි, ජයප්‍රකාශ්, අනිශ් කුරුවිල, තරුන් බාස්කර්, රෝහිණී, තනිකෙල්ලා බරණි වගේ ප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක් චරිතවලට ජීවය දෙනවා. බොහෝ අය දන්නවා මලයාලම් සිනමාවේ පාර්වතී තිරුවෝතු සහ දෙමළ සිනමාවේ පසුපති අති දක්ෂ නළුවන් දෙපළක්. ප්‍රධාන චරිතය කළ චෛතන්‍යාට වඩා ඔහුගේ සහය රංගන ශිල්පීන් මේ සීරීස් එක පුරාම ලකුණු දාගත්තා. ඇත්තටම පටන් ගත්ත ගමන්ම කතාව කෘතීම ගතියක් දැණුනත් අනෙක් චරිත එක්ක මිශ්‍ර වෙලා යද්දි ඒ වෙනස නොදැනීම යනවා.

මේ කතා මාලාව අධ්‍යක්ෂක සහ රචනය කළේ වික්‍රම් කේ කුමාර් කියන අති දක්ෂ අධ්‍යක්ෂකවරයා. ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්. ඔහු 24, Manam, Yavarum Nalam, Ishq, Gang Leader චිත්‍රපට ඔහු විසින් රචනා කර අධ්‍යක්ෂණය කළා. ඔහු මේ සීරීස් එක Neo Noir ආකාරයට නිර්මාණය කර තිබෙනවා. Neo Noir සාමාන්‍ය විදියට Dark Film එකක් කියලා හඳුන්වනවා. ඩාර්ක් ෆිල්ම් එකක් කිව්වම ගොඩක් අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටි මේ ආකාරයෙන් නිෂ්පාදනය කරනවා. ඩාර්ක් ෆිල්ම් ගැන කිව්වම ගොඩක් DC කොමික් චිත්‍රපට වලට මේ ක්‍රමය පාවිච්චි කරනවා. මේ ප්‍රභේදයේ චිත්‍රපටි, කතා මාලා වලට ආස කරන වෙනම රසික කොට්ඨාසයකුත් ඉන්නවා. හරි, සීරීස් එක දිහාට හැරිලා බැලුවොත් පළවෙනි කොටසේ ඉඳන්ම අපිට යම් යම් දේවල් ඉඟි කරනවා. කතා මාලාවේ තිර රචනය අවසානය වෙනකල්ම ත්‍රාසජනක භාවය ඒ අයුරින්ම පවත්වාගෙන යනවා. අධ්‍යක්ෂක වරයාගේ අද්විතීය තිර රචනය හැම අවස්ථාවකදීම පෙනෙනෙවා. දිගින් දිගටම ඉඟි දුන්නත් අවසානයේ බලාපොරොත්තු නොවෙන නිමාවක් දීලා කතා මාලාව නිම කළා.

පෞද්ගලිකවම මමත් මේ අධ්‍යක්ෂක වරයාගේ ලැයිස්තුවට කැමතියි. 13B නැත්නම් Yavarum Nalam කියන චිත්‍රපටය බලපු අයට වෙනස්ම අත්දැකීමක් ලැබෙන්න ඇති. ඒ විදියේම වෙනස්ම අතදැකීමක් මේ කතා මාලාවෙන් ලබාගන්න පුළුවන්. යවරුම් නලම් චිත්‍රපටියේ වීරයගේ පවුල අලුත් ගෙදර පදිංචියට ගියා. මේ ගෙදරදි වීරයගේ පවුලෙ අය ගෙදර ටීවි එකේ ගිය ‘යවරුම් නලම්”(සැවොම සතුටින්) කියන නාට්‍යය බලන්න පුරුදු වෙලා හිටියා. මේ නාට්‍යයේ සිද්ද වෙන දේවල් එයාලටත් සිද්ද වෙන්න ගන්නවා. තාමත් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා. සූරියා රඟන 24 චිත්‍රපටිය කාල තරණය සම්බන්ධ චිත්‍රපටයක්. ගොඩාක් අය දන්නවා මේ චිත්‍රපටියේ සූරියා ත්‍රිත්ව චරිත මවනවා. කෙනෙක් මේක බලලා නැත්නම් ඇත්තටම ඒක පුදුමයක්. Gang Leader චිත්‍රපටය පළිගැනීමක් වෙනුවෙන් එක්වෙන පවුල් 5ක ධෛර්යමත් කාන්තාවන් 5 දෙනෙකු නවකතා රචකයෙකු සමඟින් එක් වී කරන මෙහෙයුමක් ගැන කතාවක්. Ishq ගැන ලොකුවට කියන්න දෙයක් නැහැ. ලස්සන ආදර කතාවක්.

ධූතා අධ්‍යක්ෂකවරයාගේ වගේම චෛතන්‍යාගේත් පලමු කතා මාලාව ද වෙනවා. මේ අධ්‍යක්ෂකවරයා අක්කිනේනි පවුල එක්ක සමීප සබඳතාවයක් තියෙනවා ඇති. මොකද අක්කිනේනි පවුල වෙනුවෙන් Manam, Thank You, Hello කියන චිත්‍රපට තුන කළා. Manam චිත්‍රපටයේ අක්කිනේනි නාගේෂ්වර් රාඕ මුණුබුරා ලෙසත්, නාගා චෛතන්‍යා පියා ලෙසත්, නාගර්ජුනා සීයා ලෙසත් ආත්මීය සබඳතා, පුනර්ජන්මය මත දිවෙන කතාවක් නිර්මාණය කර තිබුණා. මනම් චිත්‍රපටය ආදායම්, ප්‍රතිචාර වශයෙනුත් අති සාර්ථක වුණා. ඒත් Thank You චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ව තෘප්තිමත් කරන්න පුළුවන් වුණේ නැහැ. චෛතන්‍යා Bangarraju (2022) චිත්‍රපටයෙන් පස්සෙ කරපු Thank You, Custody චිත්‍රපට දෙකම අසාර්ථක වුණා. චෛතන්‍යා, අමීර් ඛාන්ගේ Laal Singh Chaddha චිත්‍රපටයත් රංගනයෙන් දායක වුණා. චෛතන්‍යාට විතරක් නෙවෙයි, අක්කිනේනි පවුලේම චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක වුණා. ඒවා පිළිවෙලින් නාගර්ජුන්ගේ The Ghost (2022), අඛිල්ගේ Agent (2022) හා චෛතන්‍යාගේ Custody (2023). කොහොම වුණත් චෛතන්‍යාගේ Thandel නම් චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතයි.

කෙනෙකුට මේ කතා මාලාව තේරුම් ගන්න ලෙහෙසියි. දරුවන් ඇරෙන්න තරුණ, මහළු කාටත් අපහසුතාවයක් නැතිව බලන්න පුළුවන්. විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන හෝ ලිංගික දර්ශන ඇතුලත් වෙන්නෙ නැහැ. ඇමසන් ප්‍රයිම් එකේ සීරීස් එකක් වුණාම ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන්. ඔයාලා වැය කරන කාලයට උපරිම තෘප්තිමත් කිරීමක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. සීසන් 2 ගැන අදහසක් තියෙනවා කියලා අන්තිමටම චූටි ඉඟියකින් කියනවා. ඉස්සරහට කොහොම වේවිද කියලා බලමු.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාමාලාව රසවිඳින්න… හැමදාම වගේ අදහස් දක්වන සහ සිංහලසබ්නෙට් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි💕!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Original title దూత
TMDb Rating 9.5 2 votes
First air date Nov. 30, 2023
Last air date Nov. 30, 2023
Seasons 1
Episodes 8

Similar titles

Money Heist (2017 – 2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
JL50 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
November Story (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hunter – Tootega Nahi, Todega (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lovers of the Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shaitan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
11.22.63 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
1899 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
House of Ninjas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vikings (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Oasis (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(8) comments

  • Chathura 2023-12-10 Reply

    බයිස්කෝප් එකේ සබ් එක ඇවිල්ලා තීන්නේ ඉතිරි episode 02 dannako

    • Gihan Lakmal 2023-12-10 Reply

      Damma Macho

      • Chathura 2023-12-11 Reply

        Thank you ❤️

  • Tharaka 2023-12-10 Reply

    අනිත epi 02 ක upload කරන්නෙ නැද්ද ???

    • Gihan Lakmal 2023-12-10 Reply

      Damma Macho

      • Uditha 2023-12-10 Reply

        Website eke zoom in/out wage godk bugs thiyenwa, fix krnm watinwa

  • anushka 2024-01-07 Reply

    Season 2 enne kavada vageda?

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published